ඔබගේ ආයෝජනයට උපරිම ප‍්‍රතිලාභ ගෙනෙන සූර්යබල තාක්ෂණයේ නිවැරදි තෝරාගැනීම් (1 කොටස)

නිවැරදි තාක්ෂණ තෝරාගැනීම් සඳහා අපට ජාත්‍යන්තර අත්දැකීම් උපයෝගීකොටගත හැකියි.

සූර්යශක්තිය භාවිතයෙන් විදුලිය නිපදවා, එය ජාතික බලශක්ති ජාලයට එක් කිරීමෙන් අපගේ මාසික විදුලි බිල අවම කර ගැනීමටත්,  වැඩිපුර නිපදවනවිදුලිය වාසිදායක මිලකට නැවත මණ්ඩලයටම අලෙවි කිරීමෙන් ස්ථිරසාර ආදායම් මාර්ගයක් ඇතිකර ගැනීමටත් මෙම නව වැඩපිළිවෙළ යටතේ පාරිභෝගික
ජනතාවට අවස්ථාව හිමි වී ඇත.


නමුත්, සාමාන්‍ය ජනතාව අතර මේ පිළිබඳ ඇති දැනුම හා අවබෝධය සීමා සහිත බව, කරුණු සොයා බැලීමේදී අපට පැහැදිලි විය. විශේෂයෙන්ම මේ සඳහා උනන්දු වන පාරිභෝගිකයකු මූලිකව දැන ගත යුතු කරුණු වන තම පරිශ‍්‍රය සුදුසු ද යන වග දැන ගැනීම, ගැලපෙන තාක්ෂණක‍්‍රමය තෝරා ගැනීම, ආයෝජන ක‍්‍රමය තෝරා ගැනීම සහ   මේ වැඩපිළිවෙළට ඇතුළත් වන ආකාරය පිළිබඳ පියවරයන්  මින් මූලිකව පැහැදිලි විය යුතු කරුණු  වී ඇත.

මේ ගැටලූ වලට පිළිතුරු සෙවීමට, සූර්යබල තාක්ෂණය පිළිබඳ විශේෂයෙන් හැදෑරීම් සිදුකළ සහ ඒ පිළිබඳ හසල අත්දැකීම් සහිතව ක්ෂේත‍්‍රයේ ක‍්‍රියාකාරීව කටයුතු කරන විදුලි ඉංජිනේරු මහතෙකුගේ සහාය අපට හිමි විය. ඒ ලංකාවේ සූර්යබල තාක්ෂණ ප‍්‍රවර්ධනය සඳහා  ක‍්‍රියාත්ම ප‍්‍රමුඛතම තාක්ෂණ ආයතනයක
ව්‍යාපෘති  ඉංජිනේරු, ශානක සෙනෙවිරත්න මහතායි.


එතුමන් සමඟ අද අප කරන සාකච්ඡුාව තුළින් මේ තාක්ෂණය  පිළිබඳ ඔබට වැදගත් වන වැදගත් කරුණු කීපයක් පැහැදිලි කරගැනීමට අදහස් කරමු.


එංගලන්තය ඇතුළු විදේශයන්හි දී ඔබ ලැබූ ද්වීතියික ඉංජිනේරු ආධ්‍යාපනයත් යුරෝපයේ සහ ලොව අනෙකුත් රටවල ඔබ ලද අත්දැකීමුත්  සමඟ සැසඳීමේ දී අද ලංකාවේ සූර්යබල තාක්ෂණය ක්ෂේත‍්‍රය ලබා ඇති දියුණුව පිළිබඳව ඔබට කිව හැක්කේ කුමක්ද ? 

ඇත්තෙන්ම සූර්ය බල උත්පාදනයට අවශ්‍ය පරිසර සාධක සීමිත එම රටවල්, මෙම තාක්ෂණය උපරිමයෙන් භාවිතා කර එහි ඵලප‍්‍රයෝජන ලබමින් එම ක්ෂේත‍්‍රය දියුණු මට්ටමකට ගොඩ නඟාගෙන තිබෙනවා. අද ඔවුන්ගේ අරමුණ  දැනට ක‍්‍රියාත්මක න්‍යෂ්ටික සහ ගල් අඟුරු ඇතුළු පොසිල ඉන්ධන බලාගාර භාවිතය
ක‍්‍රමයෙන්  ඉවත් කර විකල්ප මාර්ග ලෙස හරිත බලශක්ති ප‍්‍රභව වැඩිදියුණු කිරීමයි.

ලංකාව ගත්කල අප තවම සිටින්නේ මෙම ක‍්‍රියාවලියේ මූලික අවස්ථාවක. අප අද  නූතන විකල්ප බලශක්ති
ක‍්‍රම භාවිත කරන්නේ අපේ බලශක්ති අවශ්‍යතාවන්ගෙන්  සියයට පහකට අඩු අගයක් නිපදවීමට පමණයි. මෙය සියයට තිහක අගයක් දක්වා ඉහළට ගෙන ඒමට අපට පහසුවෙන් පිළිවන්.

තාක්ෂණික වශයෙන් සැලකීමේදී අප අද භාවිත කරන විකල්ප බලශක්ති තාක්ෂණ උපක‍්‍රම වල හෝ උපාංග වල  විශේෂ අඩුපාඩුවක් මම දකින්නේ නෑ. මේ ක්ෂේත‍්‍රයේ සාපේක්ෂ අඩු වර්ධනයට හේතුව, අවශ්‍ය රාජ්‍ය අනුග‍්‍රහය සහ නීති පසුබිම සකස් වීම ප‍්‍රමාද වීමයි. ඒ වගේම පසුගිය දශකය දක්වාම මෙම තාක්ෂණයේ, මූලික පිරිවැය අප වැනි සංවර්ධනය වන රටකට දැරිය නොහැකි ඉහළ අගයක පැවතීමත් මෙයට හේතුවක් වුනා.

සූර්ය බලශක්ති ආයෝජනයේ යෙදීමෙන් ඉහළ සහ ස්ථාවර ප‍්‍රතිලාභ ලබාගත හැකි ආකාරයේ ජනාවලියක් ඊට අදාළ  රාජ්‍ය ආයතන මගින් පසුගිය දා එළිදැක්වූවා. නමුත් තවමත් මෙම වැඩපිළිවෙළ පිළිබඳ පැහැදිලි
අදහසක් ජනතාව අතර නෑ. 

ඇත්තෙන්ම මෙය සරල කාරණයක්. පිටරට වලදී මෙය අප ජාලය පෝෂණය (Feed in Tariff) ලෙස හඳුන්වනු ලබනවා. අපි හැමෝම දන්නවා දැනට අප භාවිත කරන විදුලිය අපට ලබා දෙන විදුලි ජාලය පෝෂණය වන්නේ විශාල ප‍්‍රමාණයේ ජල, ගල් අඟුරු සහ ඞීසල් බලාගාර වලින් බව. මෙම නව වැඩපිළිවෙළ තුළ අප කරන්නේ අපේ නිවාස පියැස්ස මත සූර්ය පැනල පද්ධතියක් ස්ථාපනය කර, එයින් නිපදවන විදුලිය අප විදුලිය ලබා ගන්නා රැුහැන තුලින් ම නැවත ජාලයට ලබාදීමයි. සරලව කීවොත් අපේ නිවාස පියැස්ස කුඩා විදුලි බලාගාරයක් බවට පත් කිරීමයි.

මේ කටයුත්තට සහභාගි වෙන්නත් වෙනුවෙන්  ආකාර කීපයකට වාසි ලැබෙනවා. අපේ විදුලි බිල වැඩි නම්
(රුපියල් 4000 ට වඩා*  එය රුපියල් 30/- දක්වා අවම කර ගැනීමට හැකි වීම මින් මූලිකයි.

ඒ වගේම ආයෝජනයට කැමති  ඕනෑම කෙනෙකුට, විදුලිය නිපදවා ජාලයට විකිණීමට (ඒකකයක් රුපියල් 22/=* හැකි වීම අනෙක් වාසියයි. ඇත්තෙන්ම මෙය බලශක්ති ක්ෂේත‍්‍රයේ  ආයෝජන අවස්ථා පුළුල් කරන්නක්. මේ සඳහා සියයට සියයක් බැංකු ණය ලබාදීම, ඉදිරියේදී රටේ අති බහුතරයක් මේ හා සම්බන්ධ වීම දිරි ගන්වන්නක්. 

දීර්ඝ ලිපියක් බැවින් කොටස් 2කට පළ කරමු!
(මතු සබැදියි)


වැඩි විස්තර සඳහා පිවිසෙන්න
www.gensopower.com


Genso Power Technologies

No comments:

Post a Comment

Instagram