සූර්ය බලශක්ති උත්පාදනයට බලපාන භෞතික හා පාරිසරික සාධක හඳුනා ගනිමු (2 කොටස)..


(1 කොටස හා සබැදියි)..

ගොඩනැගිල්ලේ උස

සූර්ය පැනල වල සිට පරිණාමකය දක්වා ඇති දුර අවම වීම විදුලිය සම්පේ‍්‍රෂණයේ දී සිදු වන බලශක්ති හානිය අවම කර ගැනීමට හේතු වේග තනි තට්ටුවට  හෝ තට්ටු දෙකකට ඇති ඉදිකිරීම් මේ නිසා වඩාත් සුදුසු වේ




වහලේ සෙවිලි අමුද‍්‍රව්‍ය
මෙය බලශක්ති උත්පාදනය සෘජුවම බලපෑම් නොකරන නමුත්, බොහොමයක් සාම්ප‍්‍රදායික උළු වහල වල හැඩය වැඩි වීම බලශක්ති නිෂ්පාදනය අඩු කිරීමට හේතුවක් වේ.


සුළඟේ බලපෑම

පැනල පද්ධතිය හොඳින් සිසිල් ව තිබීම වැඩි බලශක්තියක් නිපදවීමට හේතුවක් වෙයි. සුර්ය පැනල සවි කිරීමේදී පැනල සහ වහල අතර වාතය සංසරණය වීමට අවශ්‍ය පරිදි අවකාශ තැබීම සිදුවේ.

සුළං මුහුණතක ඔබේ නිවස පිහිටා තිබීම මේ නිසා වාසි සහගතය. පැනල සවි කිරීමේදී ද මේ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්ය.


සතුන්ගෙන් වන බලපෑම් 
ගෘහාශ‍්‍රිතව වෙසෙන වඳුරන්, කලවැද්දන් වැනි සතුන්ගෙන් සුර්ය පැනල වලට හානියක් සිදුවීම සාමාන්‍යයෙන් සිදුනොවේ. සතුන් පැනල මතින් දිවීමේදී ඇතිවන පීඩනයට ඔරොත්තු දෙන ලෙස ශක්තිමත්ව මේවා නිෂ්පාදනය කර ඇත. පැනල වල ඇති ලිස්සනසුළු බව සහ දීප්තිමත් නිල් පැහැති වර්ණය නිසා මෙම සතුන් පැනල අසල ගැවසීමට අකමැති ස්වභාවයක් පෙන්නුම් කරයි.

මේ නිසා සතුන්ගෙන් පැනල ආරක්ෂා කර ගැනීමට විශේෂ උපක‍්‍රම භාවිත කිරීමක් සිදු නොවේ. නමුත් මීයන් සහ ලේනුන් වැඩියෙන් ගැවසෙන ස්ථාන වලදී වයර වලට සිදුවිය හැකි හානි වලක්වාගැනීමට විශේෂ පරිවරණ භාවිත වේ. 

ඉහත බොහොමයක් අවශ්‍යතා නවීන තාක්ෂණය භාවිතය තුළින් ප‍්‍රශස්ත තත්ත්වයකට පත් කර ගැනීමට හැකියාව ඇත. වෘත්තීයමය සහ අත්දැකීම් බහුල තාක්ෂණ සමාගමක් සමඟ සම්බන්ධ වීම තුළින් මේ කරුණු ඉටු කර ගත හැක. ඔබට ස්වභාවිකව ලැබී ඇති සම්පතින් උපරිම ප‍්‍රයෝජන ලැබෙන ලෙස, ඔබේ ආයෝජනයේ වටිනාකම ඉහළ නැංවීමට මෙය හේතුවක් වේ.


වෙනත් තොරතුරු හා සහාය සඳහා
www.gensopower.com




Genso Power Technologies

No comments:

Post a Comment

Instagram