ගමනාගමනයේ හරිත නිමැවුම විදුලි මෝටර් රථ Electric Vehicle (EV)

මෝටර් රථ තාක්ෂණයේ වේගවත් සංවර්ධනයක් සමඟ දැනට පවතින හයිබ්‍රිඩ් (Hybrid)  මෝටර් රථ 
තාක්ෂණය අභිබවා විද්‍යුත් (electric) මෝටර් රථ තාක්ෂනය ඉදිරියට පැමිණෙන බවට පැහැදිළි
සාධක වර්තමානයේ අප හමුවේ ඇත.

වසර 10ක්  වැනි කාලයක් තුළ වඩාත් බහුලව අලෙවි වන මෝටර් රථ වර්ගය ලෙස විදුලි මෝටර් රථ අපට ඉදිරියේදී  දැකගත හැකි වනු ඇත.

විදුලි මෝටර් රථ භාවිතයේදී අත්‍යවශ්‍ය උපාංගයක් ලෙස සූර්ය පැනල පද්ධතියක් නිවසක සවිකිරීමට ඇති නැඹුරුව මෙනිසා වැඩි වෙමින් පවතී.

මේ පිළිබඳව ඔබ දැනුවත් කරන තාක්ෂණ සහ ප‍්‍රායෝගික කරුණු කිහිපයක් ඔබ හමුවේ තැබීම මෙම ලිපිය මඟින් සිදුවේ.

පොසිල ඉන්ධන යනු වසර මිලියන ගණනාවක තිස්සේ නිපදවා, එයටත් වැඩි කාලයක් තිස්සේ ආරක්ෂා වූ පෘථිවිය සතු සූර්ය බලශක්තියේ රසායනික සංචිතයයි. මනුෂ්‍ය වර්ගයගේ වර්තමාන තාක්ෂණ දියුණුවට මූලිකම සාධකයක් වූ මෙම අගනා සම්පත, භාවිතය ආරම්භ කොට වසර දෙසීයකටත් අඩු කාලයක් තුළ ඔහු විසින්ම අවසන් කර දැමීමේ සංධිස්ථානය තවත් දශක තුනක් වැනි කෙටි කලක් තුළ අපගේ ජීවිත අත්දැකීමක් වනු ඇත. ඒ දිනෙන් දින ඉහළ යන අපගේ බලශක්ති අවශ්‍යතාවන් සඳහා මේ වටිනා සම්පත දවා අළු කිරීමෙන් මිස, මනුෂ්‍ය වර්ගයාගේ යහ පැවැත්ම උදෙසා අවශ්‍ය වන සෞඛ්‍ය උපාංග නිපදවීම සඳහා හෝ මනුෂ්‍ය අවශ්‍යතාවන් වෙනුවෙන් වූ ප‍්‍රතිචක‍්‍රිකරණය කළ හැකි භාණ්ඩ හෝ සේවාවන් නිෂ්පාදනය වෙනුවෙන් නොවීම ඛේද ජනකය. යම් දිනෙක අපගේ ¥ දරුවන්, මුණුබුරු මිණිබිරියන් මෙම මහාර්ඝ සම්පතේ අගහිඟ කම පිළිබඳ චෝදනා එල්ල කරනුයේ ආත්මාර්ථයෙන් පරිභෝජනය කළ අපට බව අවබෝධ කොට ගෙන කටයුතු කිරීම දැනුම අවබෝධය ඇති සමාජයක වෙසෙන්නන් ලෙස අපේ වගකීමක්ව ඇත.

නවීන ලෝකයේ පාරිභෝගික අවශ්‍යතා සමග මනාව ගැලපෙන ආකාරයේ ප‍්‍රවාහන පද්ධතියක් පරිසර හිතකාමී ලෙස එළිදැක්වීම හැකි වීම, අන්තර්ජාතික මෝටර් රථ කර්මාන්තයේ පසුගිය දශකය තුළ සිදු වූ විශාලතම පරිවර්තනය බව හඳුනා ගැනේ. 

පොසිල ඉන්ධන භාවිතය අවම වන නිෂ්පාදන සඳහා විශේෂයෙන් අවධානය යොමු වූ මේ වකවානුව තුළ,ද්විත්ව බල (Hybrid), විදුලි බලය මූලික කොට ගත් (Hybrid) සහ සම්පූර්ණයෙන්ම විදුලියෙන් බලගැන්වූ (Plug in Hybrid) ලෙස මෝටර් රථ තාක්ෂණය වේගවත් වෙනසකට ලක්විය. භාවිතයත් නඩත්තුවත් වඩාත්  ප‍්‍රායෝගික සහ වියදම් අවම වන ආකාරයට සැලසුම් කර ඇති මේ වාහන, විශේෂයෙන්ම පෞද්ගලික ප‍්‍රවාහන අවශ්‍යතා සඳහා අරමුණු කර ඇත. 

මෙයිනුත් විදුලි මෝටර් රථ කාණ්ඩය (EV) අපගේ දෛනික ප‍්‍රවාහන අවශ්‍යතා සඳහා මනාව ගැලපෙන, පරිසර හිතකාමී වාහන කාණ්ඩය ලෙස ප‍්‍රචලිත වෙමින් පවතී. මෙම වාහන පිළිබඳ විශේෂයෙන් සඳහන් කළ යුතු පහත කරුණු, මේ පිළිබඳ උනන්දුවක් දක්වන අයට ප‍්‍රයෝජනවත් වනු ඇත.

මූලික හැඳින්වීම.

මේ රථයේ ඉන්ධන දහනය වන එන්ජිමක් නොමැති අතර, අධි බල විදුලි මෝටරයක් සහ විශාල ාරිතාවකින් යුතු බැටරියක් ඇත. 

බැටරිය ආරෝපණය, නිවසේ විදුලියෙන් නම් පැය හයක පමණ කාලයක් තුළදීත් (Normal Charge), අධි බල චාජරයකින් නම්, විනාඩි විස්සක් වැනි කෙටි කාලයකදීත් සිදු කර ගත හැක. සම්පූර්ණයෙන් ආරෝපිත වාහනයක්, සාමාන්‍ය තත්ත්ව යටතේ කිලෝ මීටර් 120 - 200 ත් අතර දුරක් යාමට භාවිත කළ හැක. 

බැටරි ආරෝපණය සඳහා වැය වන විදුලිය හැරුණුකොට අමතර වියදම් අවම වන මෙම රථය, සාමාන්‍ය දහන එන්ජිමක් සහිත වාහනයකට අවශ්‍ය නඩත්තු කටයුතු වලින් නිදහස්ය. (උදා: ඔයිල්, ෆිල්ටර් මාරු කිරීම, ආදී ...*

Nissan Leaf  යන ජපානයේ නිෂ්පාදිත කාර් රථය, මෙම කාණ්ඩයේ ඉදිරියෙන්ම සහ දැරිය හැකි මිලකට අලෙවි වන මොඩලය බවට පත්ව ඇත.

විදුලි බල අවශ්‍යතාව.

සම්පූර්ණ ආරෝපණයක් සඳහා විදුලි ඒකක විස්සක් පමණ වැය වන අතර, එක ඒකකයකින් කිලෝ මීටර 
අටක සාමාන්‍ය දුරක්, වායු සමීකරණ සහිතව ධාවනය කළ හැක. 

නිවස තුළ ආරෝපණය සඳහා විදුලි ඒකකයකට රුපියල් 35 - 45 අතර මුදලක් වැය වීම සිදුවේ. මෙය 
charging center එකක දී ඒකකයක් රුපියල් 50-60 අතර අගයක් ගනියි.

නිවසේ දී සාමාන්‍ය චාජරයකින් ආරෝපණය කිරීම වඩාත් ලාභදායි වන අතර, බැටරියේ ආයු කාලය දිගු කිරීමට ද එය හේතුවෙයි. 

උදාහරණ ලෙස දෛනික ධාවනය කිලෝ මීටර් 60 ක් වන වාහනයකට, මාසිකව විදුලි ඒකක 180 ක් පමණ 
අවශ්‍ය වන අතර, මේ සඳහා රුපියල් හත් දහසක පමණ විදුලි බිලක් ගෙවීමට සිදුවනු ඇත.




සූර්ය බලශක්ති පද්ධතියක වැදගත්කම.

ඉහත පැහැදිලි කිරීමට අනුව විදුලි වාහනයක් භාවිත කරන්නෙක් හට, ඉන්ධන සහ අනෙකුත් වියදම් නොමැතිකම නිසා විශාල මූල්‍ය ඉතිරියක් වන නමුත්, විදුලි සඳහා සෑහෙන පමණ වැයක් දැරීමට සිදු වේ. දෛනිකව ධාවනය දුර අනුව වෙනස් වන මෙම වියදම, සියයට සියයක් අඩු කරන ඉතා සාර්ථක  ක‍්‍රම වේදයක් ලෙස සූර්ය බලශක්ති විදුලි උත්පාදනය හැඳින්විය හැක. මේ පිළිබඳ කරුණු සැකෙවින් දක්වතොත්,

සාමාන්‍ය නිවසක විදුලි බල අවශ්‍යතා මෙන්ම විදුලි මෝටර් රථයේ අවශ්‍යතා වෙනුවෙන් වැය වන විදුලි ප‍්‍රමාණය, ඒකක - 400 kwhr

අවශ්‍ය වන සූර්ය පැනලයේ ධාරිතාවථ 3නඅ 3kw (360 unit output)

මාසික විදුලි බිල ඉතිරිය  : ~ 14 000/=

ඉහත පැහැදිලි කිරීම සාමාන්‍ය පොදු අවස්ථාවක් වෙනුවෙන් වන අතර සත්‍යය තත්ත්වයන් හිදී මෙම අගයන් වෙනස් වේ.

ඉහත කාරණා අනුව දෛනික අවශ්‍යතාවන් සඳහා මෙවැනි විදුලි රථයක් භාවිතා කිරීම වඩාත් සුව පහසු, වියදම් නොමැති පවුලේ ප‍්‍රවාහන විදියක් බවට පත් වෙමින්  ඇත. 

මෙහි ඇති පරිසර හිතකාමී ස්වභාවය නිසාම, රජය මගින් ආනයනයෙහිදී පනවා ඇති බදු ප‍්‍රමාණ ලිහිල් කර ඇත. 

නඩත්තුව වියදම් අවම වීම සහ පහසුවෙන් හැසිරවිය හැකි වීම අනෙක් වාසියයි.  දුර ගමන් පහසු වන ලෙස අධි බල ආරෝපණ මධ්‍යස්ථාන සියලූම නගර ආශ‍්‍රිතව ව්‍යාප්ත වීම තුළ, දිවයින තුළ  ඕනෑම ගමනාන්තයක් දක්වා යාමට මේ රථය ඉදිරියේදී භාවිත කළ හැකි වනු ඇත. 

බැටරි තාක්ෂණය වසරින් වසර අලූත් වන පසුබිමක, එක් ආරෝපණයකින් ගමන් කළ හැකි දුර ප‍්‍රමාණය 
230 නප, දක්වා වැඩි වීම මෙහි භාවිතය වඩාත් ප‍්‍රචලිත කිරීමට හේතු වනු ඇත. 

මෙම රථ වාහන භාවිතය, ඉන්ධන සඳහා වැය වන විදේශ විනිමය ඉතිරි කොට රටේ ආර්ථිකය ශක්තිමත් 
කිරීමටත්, ඉන්ධන දහනයේදී සිදු වන පරිසර හානිය අවම කිරීමටත්, ශබ්ද ¥ෂණය නැති කිරීමටත් දායක 
වනු ඇත. ප‍්‍රවීණයන්ගේ අදහස් අනුව වසර 2025 වන විට, මාර්ග වල ඇති මෝටර් රථ වලින් සියයට 
පනහක්වත් විදුලි බල ශක්තියෙන් ක‍්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


Solar තාක්ෂණය ගැන වැඩිදුර තොරතුරු සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.








Genso Power Technologies

No comments:

Post a Comment

Instagram