නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය - සූර්යබල තාක්ෂණයෙන්

*මෙම ව්‍යාපෘතිය නිම කර දැනට සාර්තකව භාවිතයේ පවතින අතර මෙම ලිපිය ඒ ව්‍යාපෘතිය පිළිබඳ මතකාආවර්ජනයකි.
දැනුමෙන් පෝෂණය වන මිනිසා, මනසින් පුළුල් වේ. හෙතෙම දිනෙන් දින අතීතය වර්තමානය සහ අනාගතය එක්ව දැකිය හැකි මානසික පරිකල්පන විභවයක් ගොඩනගා ගනී. තමන්ගේ සහ තම අනුගාමිකයන්ගේ භෞතික සංවර්ධනය සෑම විටම පරිසරයත් සමඟ බද්ධ කිරීම තුළ ඉහළ ස්ථාවර බවක් ඔවුන් හඳුනා ගන්නා ඔහු අගය කළ යුතු යැයි සමාජ සම්මත වැඩපිළිවෙළවල්, ක‍්‍රියාත්මක කිරීමේ ලා සැමවිටම පෙරමුණ ගනී. තම ජීවිත කාලය තුළ සමාජයේ, පරිසරයේ සහ තම ජීවිත තුළ සිදු වූ වෙනස් කම් අනුව, ඉදිරි අනාගතයේදී ඔහු සහ ඔහුගේ ආදරණීයයන් මුහුණ දෙන අර්බූද පිළිබඳ පෙර සූදානමින් කටයුතු කරයි. මේ තවත් එවැනි එක් විචක්ෂණ මනසක, ක‍්‍රියාත්මක ස්වභාවයේ හෙළිදරව්වකි.

සූර්යයා යනු අප ආසියානු සංස්කෘතිය තුළ දේවත්වයෙන් සලකනු ලබන ස්වභාවික වස්තුවකි.
පරිසරය, ජීවය සහ මිනිසා ඇති කිරීමට මෙන්ම පැවැත්ම තහවුරු කිරීමට සූර්යයා ගේ බලපෑම අන් කිසිදු බලවේගයකට නොදෙවෙනි බව අප අතීතයේ සිට අවබෝධ කරගත් කරුණකි. සූර්යයා විශ්වාසයේ සංකේතයක් ලෙස බොහෝ අවස්ථාවලදී සලකනු ලබන්නේ, අන් බොහෝ දේ වෙනස් වූවත්, එහි හැසිරීම වෙනස් නොවන බැවිනි. සූර්යයා ආලෝක ප‍්‍රභවයකි.

සූර්ය බලශක්තිය භාවිතය තුළින් සුනිත්‍ය ලෙස අපගේ විදුලිබල අවශ්‍යතා ඉටුකර ගැනීම, අද ලෝකයේ බලශක්ති ඉංජිනේරු අංශයේ නවතම ප‍්‍රවනතාවක් බවට පත්ව ඇත. අප රටට මෙම තාක්ෂණයේ ඇති වැදගත්කම මැනැවින් අවබෝධ කරගත් සහ ඒ සඳහා විශ්වාසයෙන් යුතුව තම දායකත්වය දැක්වූ යතිවරයාණන් කෙනෙකුගේ අත්දැකීම් ඔබ සමග බෙදා ගැනීමටයි මේ අපගේ උත්සාහය.

මේ ඔබ අප කවුරුත් ඉතා හොඳින් දන්නා හඳුනන, පූජ්‍ය කිරම විමලජෝති හිමිපාණන් වහන්සේයි. ලංකාවේ පමණක් නොව ආසියානු කලාපයේම විශාලතම ධර්ම භාණ්ඩාගාරය ඇති කිරීම සහ අවශ්‍ය බෞද්ධ පොත්පත් පරිශීලන පහසුකම් නිර්මාණය තුළින් සුවහසක් බෞද්ධ අබෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පත් එතුමන් වහන්සේ, පරිසර හිතකාමී ලෙස තම ගොඩනැගිලි පරිශ‍්‍රයන් පවත්වාගෙන යාමට ගත් පියවර මෙහිදී අප කතාබහ කරමු.

සූර්ය බලශක්ති තාක්ෂණය විශ්වාසය මත පදනම් ගොඩනැගිය යුතු වැඩපිළිවෙලක්...


අවසරය ස්වාමීන් වහන්ස. ඔබවහන්සේගේ නැදිමාල බෞද්ධ සංස්කෘතික මාධ්‍යස්ථානයේ පියැස්ස මත ස්ථාපනය කර ඇති සූර්ය බලාගාරය තුළින් ඉටු කරගැනීමට බලාපොරොත්තු වූ කරුණු මොනවද?
පළමුවෙන්ම නැදිමාල බෞද්ධ පොත් මන්දිරයට එවකට ගෙවීමට සිදුව තිබූ දැරිය නොහැකි තරම් වූ අධික විදුලි බිල අවම කර ගැනීම අපගේ අරමුණ වුණා. 

අනෙක විවිධ රටවල සංචාරයේ දී, මා අත්දැක තිබූ නවීන තාක්ෂණ විදි අතර සිත්ගන්නා සුළු දෙයක් වූ සූර්යබල විදුලි තාක්ෂණය ලංකාවේ දී ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ මට වුවමනාවක් තිබුණා. පරිසර හිතකාමී බව සහ, තාක්ෂණයේ විශ්වාසවන්ත මත අප මෙම ආයෝජනය සිදු කළා. ඒ සඳහා ඉතා හොඳ, තරුණ ව්‍යාවසායකයන් පිරිසක් සම්බන්ධ වීම තුළ ඉතා කෙටි කලක් තුළ එමව්‍යාපෘතිය අපට නිම කිරීමට අපට හැකි වුණා. 
මේ වන විට වසර තුනක් අඛණ්ඩව ක‍්‍රියාත්මක වන එම බලශක්ති පද්ධතිය ඔබ වහන්සේ බලාපොරොත්තු වූ අරමුණු ඉටු කිරීමට සමත් වුණාද?

ඇත්තෙන්ම ඔව්. අපගේ විදුලි පරිභෝජනය සැලකීමේදී, අපට 17 නඅ ක, තරමක විශාල සූර්ය පැනල පද්ධතියක් සකස් කර ගැනීමට සිදු වුණා. මෙමගින් අදටත් අප මාසිකව රුපියල් පනස්දහසක පමණ විදුලිය ඉතිරියක් සිදු වෙනවා. එය මෙම ආයතන පවත්වාගෙන යාමට අපට සැලකිය යුතු සහනයක්.

එමෙන්ම මෙය ආදර්ශයක් ලෙස ගෙන බොහොමයක් නිවාස සහ ආයතන සූර්ය බලශක්තිය නිපදවන ක‍්‍රමයට යොමු වුණා. එය අපට ලාංකිකයන් විදියට සතුටුදායක දෙයක්.

තුන්වනුව, එවකට ආරම්භක අවස්ථාවේ සිටි ඨැබිද ඡුදඇර නැමැති එම ආයතනය ක්ෂේත‍්‍රයේ ඉදිරියෙන්ම සිටින පිරිසක් බවට පත්ව තිබීම පිළිබඳ හොඳ හැඟීමක් දැන් ඇති වෙනවා.

රජයේ මැදිහත් වීම තුළ මෙම සූර්ය බලශක්ති වැඩපිළිවෙළ ඉදිරියේදී සුවිශාල දියුණුවක් ලබනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. අනාගත පාරිභෝගිකයන් වෙත ඔබ වහන්සේට ලබාදීමට තිබෙන උපදෙස මොකක්ද?
මහත්තයා, පැහැදිලිවම මෙය විශ්වාසය මත පදනම්ව ගොඩනැගිය යුතු ක්ෂේත‍්‍රයක්. මේ තාක්ෂණ කරුණු ගැන සාමාන්‍ය ජනතාවට ලොකු අවබෝධයක් නෑ. වගකීම් සහතික හෝ ගිවිසුම් පිළිබඳ හෝ ඇති තත්ත්වයත් එසේමයි. මා දන්නා තරමට, මේවායේ ප‍්‍රමිතිය පිළිබඳ පැහැදිලි පාලනයක් වගකිව යුතු අංශ වලින් දැනට සිදු වන්නේත් නෑ.

මේ නිසා මෙම තාක්ෂණය ඔබ වෙත ගෙන එන්නෙ කවුද, ඔවුන්ගේ වෘත්තීයමය පසුබිම කුමක්ද? ක්ෂේත‍්‍රයේ ඔවුන්ගේ අත්දැකීම් සහ විශ්වාසය ගොඩනගාගත් ආකාරය ආදී කරුණු ගැන සැලකිලිමත් වීම තමයි වඩාත් වැදගත් වන්නේ.

දේශීය කළමනාකරණයක් සහ මූල්‍ය පසුබිමක් ඇති ආයතනයක් වෙත යොමු වීම මිලියන ගණනින් ඔබ කරන ආයෝජනය පිළිබඳ වගකීම සහ බැඳීම තහවුරු කරන්නක් වේවි. ඔය හැම දේටත් වඩා මෙම කටයුත්තක ජාතික වගකීමක් ලෙස සලකනු ලබන සහ හුදෙක් මූල්‍යමය අරමුණු ඔස්සේ පමණක් ව්‍යාපාරික කටයුතු මෙහෙයවීමෙන් බැහැර වූ පිරිසක් වෙත යොමු වීමයි වැදගත්. විශේෂයෙන් පොදු සමාජ කටයුතු වලදී එම ආයතන හැසිරෙන ආකාරය අනුව ඔබට මෙය අවබෝධ කොට ගත හැකියි. එවැනි පිරිසක් ඉදිරියට ඒම, ක්ෂේත‍්‍රයේ මෙන්ම මුළු සමාජයේම යහ දියුණුවට හේතු වේවි.

මේ වගේ තවත් ව්‍යාපෘති ගැන දැනගන්න අපගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

http://www.gensopower.com





Genso Power Technologies

No comments:

Post a Comment

Instagram