ජෙන්සෝ සෝලා තවත් ව්‍යාපෘතියක් - APEX Kegalle

අපේ අනාගත දැක්ම අපේ ක‍්‍රියා වලින් පිළිබිඹු වෙනවා.

"නවතාවයක් නොමැති තැන පැවැත්මක් නැහැ." තාරුණ්‍ය සැමවිටම වෙනස් තත්ත්වයන් අත්දැකීමට අපේක්ෂාවෙන් සිටින්නක්. තාක්ෂණය තුළින් ලෝකයේ සිදුවන වෙනස්කම්, අප අවට පරිසරයේ දී එදිනෙදා ජීවිත අත්දැකීම් තුළට එක් කිරීමට සමත් වීම අපගේ සාර්ථකත්වයට මූලික පිටිවහලක්.

පුද්ගලික උපකාරක පංති ක්ෂේත‍්‍රයටත් මෙම සංකල්පය පොදුයි. දශකයකට පෙර අප ඉගෙනුම ලැබූ පරිසරයට වඩා අද තත්ත්වයන් වෙනස්. ඉගෙනීමේ පරිසරය හොඳින් ආලෝකමත්ව, මනා වාතාශ‍්‍රයක් සහිතව පැවතීම සහ අධික උෂ්ණත්වයෙන්, බාහිර ශබ්ද බාධාවන් වලින් තොරව පැවතීම ඉතා වැදගත්.

ගුරුවරුන් ලෙස අප ළමුන් වෙත ලබා දෙන දැනුම සහ පණිවිඩය කාර්යක්ෂමව සහ ස්ථාවරව ස්ථාපිත කිරීමට අවශ්‍ය මානසික පසුබිම එමගින් ඇතිකරනවා.

මෙවැනි භෞතික පරිසරයක් නිර්මාණය කිරීම සරල දෙයක් නොවෙයි. එය අධික බල ශක්තියක් වැය වන වියදම් සහිත කටයුත්තක්. නමුත් පරිසර හිතකාමීව නවීන තාක්ෂණය භාවිතය තුළින් අප ඒ අභියෝගය ජයගෙන තිබෙනවා. අද අපගේ විදු පියස මුළුමනින්ම සූර්යාලෝකයෙන් බලගැන්වෙනවා. හරිත බල ශක්තියේ වැදගත්කම අප කුඩා කළ සිට ඉගෙනගෙන තිබෙනවා. අද අපි අපේ දහස් ගණනාවක් වූ දරුවන්ට එය කියා දෙමින් සිටිනවා. මේ මාර්ගයේ තවත් ඉදිරියට යමින්, හරිත බලශක්තිය ප‍්‍රායෝගිකව භාවිත කර පෙන්වීමට හැකි වීම මට සුවිශාල සතුටුදායක දෙයක්.

මෙයින් සිදු වන පරිසර ආරක්ෂණය සුළුපටු නෑ. එය අපගේ දූ දරුවන් පවා අත්විඳින, අගය කරන දෙයක් වෙන බව මගේ හැගීමයි. අධික විදුලි පරිභෝජනයක් සහිත  ඕනෑම පරිශ‍්‍රයකදී මෙය සාර්ථකව යෙදිය හැකි බව මගේ අවබෝධයයි.

මේ කටයුත්තේ දී Genso Power Technologies (Pvt) Ltd  ආයතනය සුවිශේෂී කාර්යභාරයක් සිදු කළා. මෙය දිගුකාලීනව අපට ප‍්‍රතිලාභ ලබාදෙන ආයෝජනයක්. තාක්ෂණ ආයතනයේ විශ්වාසී බව අප කරන ආයෝජනයේ වටිනාකම ඉහළ නංවනවා.

මා වැනිම තරුණ වෛද්‍යවරයෙක් වන වෛද්‍ය අවන්ත අතපත්තු මහතා, එම ආයතනයේ මූලිකත්වය ගෙන මෙහෙයවීම අගය කළ යුතු කටයුත්තක්. ජාතික අවශ්‍යතාවන් ඉටුකරන මෙවැනි වැඩපිළිවෙළවල් ඉදිරියට ගෙන යාමට සම්බන්ධ වීම අපගේ සමාජ යුතුකමක් සහ වගකීමක්.


මෙවැනි තවත් ව්‍යාපෘති පිළිඹද තොතුරු දැන ගැනීමට අපගේ වෙබ් අඩවියට පිවිසේන්න.
www.gensopower.com




Genso Power Technologies

No comments:

Post a Comment

Instagram