විභාග දෙපාර්තමේන්තුව සූර්යබලයෙන් - වසරක මූල්‍ය ඉතිරිය රුපියල් ලක්ෂ 80

රාජ්‍ය ආයතන වල විදුලි බිල දිනෙන් දින ඉහලයන කාලයක, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව එහි විදුලි බිල රජයට මහ ජනතාවට බරක් නොවන පරිදි සූර්ය බල පද්ධතියක් මගින් ලබා ගැනීමටත් එමගින් රටට රුපියල් ලක්ෂ 80 ක පමණ වාර්ෂික ඉතිරියක් කර දීමටත් සමත් වී ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතියෙන් සිදු කල ටෙන්ඩර් කැදවීමකට පසු නම්‍යශීලී මිලගණනක් සහ සාර්ථකම ව්‍යාපෘති වාර්ථාව ඉදිරිපත් කල අප ආයතනයට එම අවස්ථාව හිමි විය. 

ශ්‍රී ලංකාවේ මෙතෙක් රාජ්‍ය ආයතනයක ඉදිකල විශාලතම සූර්ය පැනල ව්‍යාපෘතිය වන 250kW (කිලෝවොට් 250) නක එම පද්ධතිය මගින් දිනකය විදුලිය ඒකක 1000 ජනනය කල හැකි වුවත් නවීන හා අද්විතීය තාක්ෂණයකින් එම කාර්‍ය ඉටු කිරීමට අප ආයතනයේ ඉංජිනේරු හා තාක්ෂණික අංශ වලට හැකි වීම නිසා දිනකට එම ප්‍රමාණය 1000 - 1200 (අවසන් 2සති -3 නිරීක්ෂණය කිරීමෙන්) අතර තත්වයකට පත් කිරීමට හැකි විය. 

එය මසකට අපේකෂිත ප්‍රමාණය විදුලිය ඒකක 30,000 සිට 36,000 දක්වා පරාසයක විහිදීම තුලින් ජෙන්සෝ ආයතනය මගින් සිදු කල ව්‍යාපෘතියේ සාර්තකත්වය කියාපායි. 

මසකට රුපියල් ලක්ෂ 8ක පමණ ඉතිරියක් ලබාදෙන අතර වසරක අවම වශයෙන් රුපියල් මිලියන 8ක ඉතිරියක් මෙමගින් ලබා ගැනීමට අපේක්ෂිතය.

පසුගියදා මෙහ සමාරම්භක උත්සවයට සහභාගී වූ අධයාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් සූර්ය බල පද්ධතිය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට නිල වශයෙන් ලබාදුන් අතර පැවති මාධය හමුවේදී විභාග කොමසාරිස් සනත් පූජිත මහතා ප්‍රකාශ කලේ මේ සාර්ථකත්වය නිසා මෙම පද්ධතිය විශාලනය කරීමට ඉදිරියේදී සාකච්ඡා කරන බවයි.

අප ජෙන්සෝ ආයතනය විසින් සිදුකල මෙම ඉන්ජිනේරු කාර්‍යභාරය ගරු අධ්‍යාප ඇමතිතුමාගේ, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය තුමාගේ හා විභාග කොමසාරිස් තුමාගේ විශේෂ පැසසුමට ලක්වීමද අප ආයතයේ ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීමට ආශිර්වාදයක් හා ශක්තියක් ද වීය..



මේ පිලීඹද මාධ්‍ය වාර්තා පහතින් නරඔන්න..



NethFM ලිපිය

ITN News

Dinamina News

වැඩි විස්තර සදහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
www.gensopower.com


Genso Power Technologies

No comments:

Post a Comment

Instagram