මනුෂ්‍ය ශරීරයේ පැවැත්මට ආහාර සහ ජලය අවශ්‍ය සේම, රටක පැවැත්මට සහ සංවර්ධනයට බලශක්තිය අවශ්‍යය. මෙයිනුත් විදුලිබලය රටේ සියලූම දෛනික කටයුතු සඳහා කොපමණ අත්‍යාවශ්‍යද යන්න, පැය කිහිපයක විදුලිය බිඳ වැටීමක දී රටපුරා ඇති වන අකර්මණ්‍ය බවෙන් තේරුම් ගත හැකිය.මිනිස් සිරුරට පිරිසිදු ආහාර සහ ජලය සහ වාතාශ්‍රය ලැබිය යුතු සේම, රටකට ද පිරිසිදු මූලාශ්‍ර වලින් ලැබෙන බලශක්තිය ලැබීම වැදගත්. අපිරිසිදු දේ මතින් ගොඩනැගුණු රටක නිරෝගී බවක්, ස්ථාවර බවක් ඇති වන්නේ නෑ. මෙවැනි භූමියක්, පරිසරයක් අනාගතයේදී මේ බිමෙහි උරුම කරුවන් වන අපේ ¥ දරුවන් වෙත දායාද කිරීම, අප අතින් කිසිසේත්ම සිදු නොවිය යුතු වරදක්.
![]() |
| වෛද්‍ය අවන්ත අතපත්තු |
කුඩා අවදියේ සිට පරිසරය හා බැඳුණු සුවිශේෂී අත්දැකීම් සමූහයක හිමිකම් ඇති අතපත්තු මහතා, මූලික සිප්සතර හැදෑරීම අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාන්ගන ප්‍රාථමික පාසලේදීත්, ඉන්පසු අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ දීත් සිදු කර ඇත. උසස් ලෙස පාසල් ඉගෙනුම නිම කර කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගත්ත ද, ඔහු තුළ වූ තාක්ෂණය පිළිබඳ ඇල්ම සහ වෙනස් වූ නිර්මාණශීලිත්වය වැඩි කල් නොයාම එළිදැක්වීමට ඔහු ක්‍රියාත්මක වුණා. ප්‍රතිඵලය ලෙස අද දිවයිනේ ප්‍රධානතම පුනර්ජනනීය බලශක්ති උත්පාදන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන, ඨැබිද ඡුදඇර සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙසින් සුවිශේෂී සේවාවක් රටටත්, පරිසරයටත්, විදුලි බලශක්ති ක්ෂේත්රයටත් සිදු කරමින් සිටිනවා.
වෘත්තීයමය ඉංජිනේරුවන් ගේ සිට තාක්ෂණ ශිල්පීන් දක්වා වූ සැලකිය යුතු ඉංජිනේරු කණ්ඩායමකට නායකත්වය දෙමින්, දහස් ගණනක් වූ පරිසරයට ආදරය කරන පාරිභෝගික පිරිසකට සේවා සපයන ඨැබිද ආයතනය මෙහෙයවන මේ තරුණ වෛද්‍යවරයා සහ ඔහුගේ කණ්ඩායම, ජාතියක් ලෙස අප රට හරිත බලශක්තියෙන් ස්වයංපෝෂිත වන දිනය දකින තුරු තම කාර්යභාරය ඉදිරියටම ගෙන යමින් සිටිනවා. හරිත බලශක්තියෙන් ජාතිය ශක්තිමත් කොට පොදුජන ජීවන තත්ත්වය උසස් කිරීම එම ආයතනයේ ගමින් මඟ තුළ ඉටු වන මූලික කර්තව්‍යයක්.රටත් ජාතියත් එක් බලශක්ති අරමුණක් ඔස්සේ මෙහෙයවමින් අනාගත පරපුරට නිරෝගී දේශයක් උරුම කර දීම උදෙසා සිදු කැරෙන මේ මාහැඟි කටයුත්තට අප හරිත සඟරා කර්තෘ මණ්ඩලයේ පැසසුම සහ අනුග්‍රහය ඉතසිතින් පතමින් අප සඟරාවේ මංගල කලාපය සූර්ය බලශක්ති ජනනය යන මාතෘකාව ඔස්සේ මෙහෙයවීම මෙලෙස සිදු කෙරුණා.
වැඩිවිස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
www.gensopower.com

No comments:
Post a Comment