පාරිභෝගිකයන් මුහුණ දෙන අනෙක් ගැටලූව තමයි භාවිත කළ යුතු තාක්ෂණ උපක‍්‍රම පිළිබඳ නිසිඅවබෝධයක් සහ අවශ්‍ය මඟ පෙන්වීම නැතිකම. පුද්ගලික තාක්ෂණ ආයතන සහ සමාගම් විවිධාකාරඋපාංග සහ උපක‍්‍රම වෙළෙඳපොළට ඉදිරිපත් කරමින් ඒවායේ ඇති වාසි පෙන්වා දෙනවා. ප‍්‍රචාරණය අරමුණුකරගත් මෙම උපදෙස් සැමවිටම නිවැරැුදිය කිව නොහැකියි. මේ පිළිබඳ තාක්ෂණ දැනුම අඩු සාමාන්‍ය කෙනෙකුට ඔබ දෙන උපදෙස මොකක්ද ?
ඔබ කියන දෙය ඇත්ත. විවෘත වෙළෙඳපොළ තුළ භාණ්ඩ අලෙවියට සම අවස්ථා තිබෙනවා. තාක්ෂණ
පසුබිම එකම වුණත්, වඩාත් උපක‍්‍රමශීලී සහ ප‍්‍රචාරණයේ දක්ෂ ආයතන මෙහිදී ඉදිරියට එනවා. සමහර විට එම උපාංග අපේ රටට හෝ අපේ පරිසර තත්ත්ව වලට හරියටම ගැලපෙන ඒවා නොවෙන්නත් පුළුවන්. එවිට එය අදාළ පාරිභෝගිකයාට මෙන්ම මුළු රටටම වෙන පාඩුවක්. මෙවැනි තත්ත්වයන් අවම කර ගැනීමට පොදුවේ ඕනෑම පාරිභෝගිකයකු සැලකිය යුතු කරුණු හතරක් මම මෙහිදී සඳහන් කරන්නම්.
සූර්යබල තාක්ෂණය තෝරා ගැනීම.

මෙය තමයි නව තාක්ෂණ උපාංග නිෂ්පාදනයේ දී ලොව පුරා පිළිපදින වත්මන් පුරුද්දක්. අප දන්නවා යම්කිසි.
උපකරණයක හෝ පද්ධතියක තිබෙන උපාංග සංඛ්‍යාව අඩු වෙන තරමට එහි ඇතිවිය හැකි දෝෂ ප‍්‍රමාණය අවම වන බව. මෙමගින් නඩත්තුව අවශ්‍යතාව අවම වීම, මිනිස් මැදිහත් වීම් අවම වීම සහ බලශක්ති හානිය
අවම වීම සිදු වෙනවා. මධ්‍යගත විදුලි පරිණාමකයක් (Central Grid Tie Inverter) සමඟ සරල ලෙස සම්බන්ධ කළ සූර්ය පැනල පද්ධති ක‍්‍රමය ලොව බහුල වශයෙන් භාවිත කරන තාක්ෂණය බවට පත් වීමට ඉහත කරුණු හේතු වී තිබෙනවා. විශේෂයෙන් සමකය ආශ‍්‍රිත අඛණ්ඩ,
ඒකාකාරී සූර්යාලෝකයක් ලැබෙන රටවලදී මෙය සුවිශේෂයි. මෙය ක්‍ැබඑර්ක ීඑරසබට ෂබඩැරඑැර ීහිඑැප ලෙස හඳුන්වනවා.
මේ සිද්ධාන්තයන් පරිබාහිරව, විවිධ අමතර උපාංග රාශියක් ඈඳුණු පද්ධති අපට වෙළඳපොළේ දක්නට
ලැබෙනවා. බැලූ බැල්මට ආකර්ෂණය වුණත් ඒවායින් අපට ලැබෙන දිගුකාලීන ප‍්‍රයෝජන අවමයි. කාලයත්
සමඟ අනවශ්‍ය නඩත්තු වියදම් වැඩි වීම නිසා, අප අප දන්නවා යම්කිසි බලාපොරොත්තු ප‍්‍රතිලාභ නොලැබී
යා හැකියි.
2. තාක්ෂණයේ සාර්ව ගැලපෙන බව සහ බහුල බව.
(Universal Compatibility and Availability)

වසර විසිපහක් වැනි දිගු කාලයක් තුළ තාක්ෂණයේ මෙන්ම ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ විශාල වෙනස්කම් සිදුවිය හැකියි. කලක් ස්ථාවරව රියාත්මකවූ දේශීය ආයතන පමණක් නොව, ප‍්‍රසිද්ධ උපාංග නිෂ්පාදනය කරන සුවිශාලවිදේශීය ආයතන පවා තවදුරටත් නොපවතින අවස්ථා අප දැක තිබෙනවා. එවැනි තත්ත්වයන් තුළ අපට විකල්පඋපාංග සහ සේවා ලබා ගැනීමේ හැකියාව සහිත වීම
මෙම පද්ධති නඩත්තුවට ඉතාම වැදගත්.
3. උපාංග සඳහා ලබා දෙන වගකීම.
සූර්ය පැනල සහ අදාළ උපාංග සඳහා ඉතා දිගුකාලීන (වසර 25 ක් දක්වා* වගකීමක් ලබාදීමට ඒවා ලබා දෙන
ආයතන ක‍්‍රියා කරනවා. මෙය සුවිශේෂි දෙයක්. ඔබ කරන ආයෝජනයේ සුරක්ෂිතතාව මෙම වගකීම මත
රැුඳෙන්නට පිළිවන්. ඔබට ලැබෙන මෙම වගකීම් පිළිබඳ හොඳ අවබෝධයක් තිබීම වැදගත්. ඔබ සෘජුව සම්බන්ධ වන දේශීය ආයතනය මෙය ලබා දුන්නත්, අවසානයේ මෙයට වගකීම ලැබෙන්නේ එම උපකරණ නිෂ්පාදනය වන විදේශීය මවු සමාගම් හරහායි. මේනිසා එම හැකියාව සහිත පිළිගත් නිෂ්පාදන ඉල්ලා සිටීමට පාරිභෝගික ඔබගේ අයිතියක්. මා පහත සඳහන් කරන්නේ වසර 2016 සූර්ය පැනල සහ පරිණාමක සඳහා ජාත්‍යන්තරව නම්කළ ආයතන දහයයි.
ඒ අනුව ලංකාවේ ස්ථාපනය සඳහා හොඳම පැනල වර්ග ලෙස හඳුනා ගැනෙන්නේ (Trina Solar , Canadian
Solar, Jinko Solar) යන නිෂ්පාදනයි. තවද ඉන්වර්ටර් සඳහා වඩාත් විශ්වාසදායක වන්නේ SMA, ABB, Goodwe, Solar Edge යන නිෂ්පාදනයි.
4. නිවැරැුදි තාක්ෂණ ආයතනය තෝරා ගැනීම.
තාක්ෂණයේ නවතාවත් සමඟ මෙම ක්ෂේත‍්‍රය තුළ නව රැකියා මෙන්ම ව්‍යාපාරික අවස්ථා බිහි වීම සිදු වෙනවා. එය ඉතා හොඳ දෙයක්. නමුත් දැනුවත් පාරිභෝගිකයන් විදියට ඉහළ ප‍්‍රමිතිය සහ අනර්ඝ සේවාවන් සපයන
ආයතන වෙත යොමුවීම
සැමවිටම වැදගත්. මෙය ක්ෂේත‍්‍රයේ ඉහළ තත්ත්වයක් පවත්වාගෙන යාමටත් ආධාර වන්නක්. පැතිර ගිය අත්දැකීම් සහිත බව, අවම වශයෙන් වසර කිහිපයක පළපුරුද්ද මෙහිදී වැදගත්. ප‍්‍රධාන පෙළේ රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතන සඳහා සේවා සපයා ඇති බව, සේවා සපයන්නකුගේ ක‍්‍රියාත්මක ස්වභාවය
ගැන පුළුල් අදහසක් දෙන දෙයක්.
මන්දයත්, එම ව්‍යාපෘති ප‍්‍රදානයේ දී තරඟකාරී ලෙස මිල ගණන් කැඳවීමට අමතරව ප‍්‍රවීණ තාක්ෂණ මඩුල්ලක් හරහා (Technical Evaluation Committee) පුළුල් ඇගයීමක් සිදු කිරීම එයට හේතුවයි. මේ නිසා එවැනි ව්‍යාපෘතියක් දිනා ගැනීමට සමත් වන්නේ සත්‍ය වශයෙන්ම රටේ සිටින ප‍්‍රවීණ තාක්ෂණ ආයතනයකට පමණයි. අනෙක් අතට, අදාළ ආයතනයේ ස්ථාවර බවක් එතුළින් පෙන්නුම් කරනවා.
අනෙක් කරුණ තමයි පැතිරී ගිය සේවා ජාලයක් සහිතව ක‍්‍රියාත්මක වීම. විශේෂයෙන් දුරබැහැර ප‍්‍රදේශවල සිටින ඔබට මෙය වැදගත්. නවීන තාක්ෂණය භාවිතයෙන් රටේ ඕනෑම තැනක ඇති සූර්යබල පද්ධතියක ක‍්‍රියාකාරීත්වය එක් තැනෙක සිට පරීක්ෂා කිරීමේ හැකියාව අද බොහොමයක් තාක්ෂණ ආයතන
සතුයි. එතුළින් හඳුනා ගන්නා තාක්ෂණ ගැටලූ ප‍්‍රමාදයකින් තොරව නිවැරැුදි කිරීම වැදගත්. අපගේ සාමාන්‍යයෙන් තාක්ෂණ කමිටු ඇගයීමකදී (Technical Evaluation සේවා ආයතනයක් තෝරාගැනීම
සඳහා ඔවුන් භාවිත කරන තාක්ෂණය සහ උපාංග වලට අමතරව පහත කරුණු සලකා බැලෙනවා.
1. ආයතනය වසර 3ක් ඉක්මවූ පළපුරුද්දක් සහිත වීම.
2.නිමකළ ව්‍යාපෘති සංඛ්‍යාව 100 ඉක්මවීම.
3.ආයතනයේ ඉංජිනේරු හැකියාව.
4. විශාල ප‍්‍රමාණයේ ව්‍යාපෘතීන් සාර්ථකව නිමකර තිබීම.
වැඩි විස්තර සඳහා පිවිසෙන්න
www.gensopower.com
No comments:
Post a Comment