ඔබේ පියැස්සත් පුංචි සූර්ය විදුලි බලාගාරයක් කරගන්න - පහසු ණය ක‍්‍රමයක්...

බලශක්ති සුරක්ෂිතතාව රටක මූල්‍ය සුරක්ෂිතතාව හා සමානවම වැදගත්...
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අතුල ගමගේ මහතා.


බලශක්තිය සුරක්ෂිතතාව යනු රටක සංවර්ධනයේ මූලික පදනම් කණුවක්. තිරසාර දියුණුවක් කරා ආර්ථිකයක් මෙහෙයවීමට නම් අඛණ්ඩ, ගුණාත්මක සහ ලාභදායි බලශක්ති සැපයුමක් සහතික කළ යුතුයි. දේශීය හා විදේශීය නව ආයෝජනයන් දිරිමත් කිරීමට මෙන්ම,දැනට පවතින  ඕනෑම ආකාරයක නිෂ්පාදනයක හෝ සේවාවක ලාභදායි බව වැඩි කිරීමට මෙය මූලික අවශ්‍යතාවක්.


රාජ්‍ය මූල්‍ය ආයතනයක් විදියට පොදුවේ අප පාරිභෝගිකයන්ගේ ආදායම් තත්ත්වය ඉහළ යාම සහ ඉතිරුම් හැකියාව වර්ධනය ඉතා  ඕනෑකමින් අපේක්ෂා කරන දෙයක්. මේ සඳහා අපට ලබා දිය හැකි සහාය නොපිරිහෙලා ඉටු කිරීම ජාතික වගකීමක් ලෙස අප සලකනු ලබනවා.

රටේ බලශක්ති අවශ්‍යතාව සුනිත්‍ය මූලාශ‍්‍ර ඔස්සේ නිපදවන සූර්ය බලශක්ති සංග‍්‍රාමයට මූල්‍ය සම්පත් දායකත්වය දැරීමට අවකාශය ලැබීම ජාතික ඉතිරි කිරීමේ බැංකුව ලෙස අප ඉතා අගය කොට සලකනවා. ලංකාවේ මූල්‍ය ආයතන අතර වඩාත්ම ස්ථාවර ආයතනය ලෙස පිළිගැනීමට පත් අප, මෙම මහඟු කටයුත්තක සඳහා ඉතා ආකර්ෂණීය ණය යෝජනාවලියක් සමඟ ඉදිරියට පැමිණෙනවා.

පහසු ණය ක‍්‍රමයක්...
සූර්ය බලශක්ති  ආයෝජනයේ  ප‍්‍රතිලාභ පිළිබඳ ඇති විශ්වාසය මත, මෙම ණය පහසුකම  කිසිදු බාහිර ඇපයක් නොමැතිව, පුද්ගලික ණයක් ලෙස ආයෝජකයාට ලබාදීමටත්, සියයට සියයක් දක්වා ව්‍යාපෘති ණය අනුමත කිරීමටත්, අප සැලසුම් කර තිබෙනවා. ඉහළ යන පොලී අනුපාත හමුවේ පාරිභෝගිකයන් අපහසුතාවට පත්වීම අවම කිරීමට, ස්ථාවර පොලී අනුපාතයෙන් අයකිරීම සිදු කිරීමට අප අදහස් කරනවා. මේ නිසා පාරිභෝගිකයන් හට තම ආයෝජනය මනා ලෙස සැලසුම් කිරීමේ හැකියාව ලැබෙනු ඇති. ණය සඳහා උපරිම ආපසු ගෙවීම් කාල සීමාව වසර හතක් වන අතර, මෙය පාරිභෝගික අවශ්‍යතාව මත වෙනස් කරගත හැකියි.

ලියාපදිංචි සේවා ආයතන....
මෙහිදී වැදගත්ම කරුණක් ලෙස අප දකින්නේ මෙම උපාංග සවි කරනු ලබන සේවා ආයතනයි. එම ආයතන සම්බන්ධව දැඩි සොයා බැලීමක් සිදු කිරීමට අප කටයුතු කරනවා. මන්දයත්, එම තාක්ෂණ ක‍්‍රමවේදයේ තත්ත්වය සහ වගකීම  මත පාරිභෝගිකයන් වෙත හිමි වීමට නියමිත ප‍්‍රතිලාභය තීරණය වීමයි. ලියාපදිංචි සේවා සපයන්නන් හරහා පමණක් ණය අයදුම්පත් අප වෙත යොමු කරන මෙන් මෙහිදී පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙම ලැයිස්තුව, අපගේ බැංකු කළමනාකරුවකු වෙතින් විමසීමෙන් ලබා ගත හැකියි. 



ණය ඉල්ලූම් කරන පිළිවෙල...

මේ සඳහා මූලිකවම ව්‍යාපෘති වාර්තාවක් සකස් කොට ගත යුතුයි. පළමුවෙන්ම ඔබේ නිවසේ හෝ ආයතනයේ විදුලි බිල සහ වහලයේ  වර්ග ප‍්‍රමාණය ඇතුළු අනෙකුත් සාධක මත, ලියාපදිංචි තාක්ෂණ ආයතනයක් හරහා ව්‍යාපෘති වාර්තාවක් සකස් කරගත යුතුයි. මෙම වාර්තාව ණය ගැනීම සඳහා වූ ඔබගේ පුද්ගලික තොරතුරු සමඟ ළඟම ඇති භීඊ ශාඛාවේ ණය අංශය වෙත යොමු කිරීම තුළින් අවශ්‍ය පහසුකම් ලබා ගත හැකියි.

සාක්කුවට බරක් නොමැති ආයෝජනයක්...

මෙම ණය සැලසුමේ මූලික අරමුණ, පාරිභෝගිකයා හට කිසිදු මූලික ආයෝජන බරක් නොමැතිව සූර්ය බලශක්ති පද්ධතියක් ඔහුගේ නිවසට ලබාදීමයි. නිපදවන බලශක්තිය ජාලයට නැවත අලෙවි කිරීම හරහා ලැබෙන ආදායමෙන් ණය මුදල ගෙවීමට ඔහුට අවකාශ සැලසේ. වසර හත අවසානයේදී ණය ගෙවා අවසන් වූ තැන් පටන් ලැබෙන ආදායම ඔහුට ශුද්ධ ආදායම් මාර්ගයක් වනු ඇත. 

ඔබේ අවශ්‍යතාව මත විදුලි ආයෝජන සැලසුම්...

මුල් වසර හතක කාලසීමාව තුළ විදුලි ඒකකයක් රුපියල් 22 බැගින්ද, එතැන් සිට ඒකකයක් රුපියල් 15 බැගින්ද මිලට ගැනීමට රජයෙන් ලිඛිත ගිවිසුමක් අදාළ 
පාරිභෝගිකයන් හට හිමි වේ. 

එමෙන්ම විදුලි බිල අධික පරිශ‍්‍රයන් සඳහා විදුලි බිල අවම වන ආකාරයට මෙම ගිවිසුම සකස් කොට ගත හැකිය. 

පහත දැක්වෙන්නේ විදුලි හා බලශක්ති අමාත්‍යාංශය මගින් ප‍්‍රකාශයට පත්කළ, පාරිභෝගික අවශ්‍යතාව මත තෝරා ගතහැකි එම ගිවිසුම් ආකාර තුනයි. 

ආයෝජනය සරල ලෙසින්..

ඔබගේ මාසික විදුලි බිල රුපියල් 5000රැුු ඉක්මවන්නේ නම්, ශුද්ධ ගිණුම්කරණය හරහා ඔබේ විදුලි බිල රුපියල් 30/ු දක්වා අඩු කරගත හැක. අමතරව ජනනය වන ඒකකයක් සඳහා රුපියල් 22 මුදලක් හිමි වේ.

මාසික බිල රුපියල් දෙදහසකට අඩු නම්, එම විදුලි බිල එසේම ගෙවාගෙන යන අතරතුර, සූර්ය පද්ධතිය මගින් නිපදවන විදුලිය සියල්ලම ජාලයට නිකුත් කර ආදායම් මාර්ගයක් ලෙස මෙය සිදු කළ හැකියි. මෙහිදී අවම වශයෙන් රුපියල් මිලියනයකවත් ආයෝජනයක් කළ යුතු අතර ඒ සඳහා මසකට ආසන්න වශයෙන් රුපියල් 14000/= පමණ ස්ථාවර ආදායමක් ලබාගත හැකියි.

කර්මාන්ත ශාලා සහ වඩාත් විශාල ඉඩ ප‍්‍රමාණ ඇති ස්ථාන වලදී විශාල ව්‍යාපෘති දියත් කළ හැකි වන අතර, ස්ථාපනයේ දී  වැය වන ඒකක පිරිවැය ක‍්‍රමයෙන් අඩු වන බැවින් ලැබෙන ප‍්‍රතිලාභය ඉහළ අගයක් ගැනීම සිදුවේ. උදාහරණයක් ලෙස මිලියන දහයක ආයෝජනයක් වසර පහක කාලසීමාවක් තුළ නැවත උපයා ගැනීමට ලැබෙන ආදායම ප‍්‍රමාණවත් වේ.

Genso Power Technologies

No comments:

Post a Comment

Instagram