ඔබේ බලශක්ති ආයෝජනයට උපරිම වටිනාකමක් ලබා ගන්න

අද බලශක්ති ආයෝජනයන් පිළිබඳ වැඩි වැඩියෙන් කතාබහ වෙන කාලයක්...

රටේ අනාගත බලශක්ති නිෂ්පාදන අවශ්‍යතා ඉටුකර ගැනීමේ එක් මූලෝපායයක් ලෙස පොදු මහජනතාවට මේ සහා සම්බන්ධ වීමට අවස්ථාව රජය මගින්ම විවෘත කිරීම මෙයට ආසන්නතම හේතුව ලෙස දකින්න පුළුවන්...

නමුත් බලශක්ති නිෂ්පාදනය සහා ආයෝජනය කොයිතරම් දුරට මූල්‍යමය වශයෙන්   ප‍්‍රතිඵලදායක ද යන්න මේ පිළිබඳ උනන්දුවෙන් සිටින බොහෝ පිරිසකට නිතැතින්ම ඇතිවන ගැටලූවක්. විශේෂයෙන්ම ඇතිව තිබෙන නව තත්ත්වයන් යටතේ නිවැදි ආයෝජන උපක‍්‍රම තෝරා බේරා ගැනීම පිළිබඳ පැහැදිලි අවබෝධයක් බොහෝ දෙනෙකුට නැති බව විමසීම් වලදී අපට තේරුම් ගිය කාරණයක්.

අපට ඇති ගැටලූ සහා නිවැරදි පිළිතුරු ලබා ගැනීමට අද අප විශේෂ පුද්ගලයකු මුණගැසීමට අවස්ථාව ලැබුණා. ඒ මූල්‍ය ආයෝජන පිළිබඳ හසල දැනුමකිනුත් යුතු ආයෝජන උපදේශකවරයකු මෙන්ම සාර්තක ව්‍යාපාරිකයකු ද වන
...... මහතායි.

ආයුබෝවන් මහත්මයා කොහොමද මේ දවස්වල වැඩකටයුතු..

ආයුබෝවන්. එහෙම විශේෂයක් නැහැ. කොහොමත් මම විශ‍්‍රාම සුවයෙන් සිටින්නේ. ඒ අතර ආයතන කිහිපයක් සමඟ මූල්‍ය උපදේශකවරයකු ලෙස කටයුතු කරනවා. ඔවුන් සහා නිර්මාණශීලි ආයෝජන සැලසුම් කිහිපයක් නිෂ්පාදනය කිරීමට දායක වෙනවා මේ දවස්වල..

ඔබතුමා දන්නවා මේ දිනවල බලශක්ති ආයෝජන පිළිබඳ සමාජයේ විශේෂ උනන්දුවක් ඇතිව තිබෙනවා.. ඔබතුමාට මේ ගැන තිබෙන අවබෝධය මොන වගේද ?

ඇත්තෙන්ම බලශක්ති ආයෝජන මම කවදත් ඉතා කැමති මාතෘකාවක්. ඒ නිසා විශේෂ වෙහෙසක් නැතිව මම ඊට අදාල කියවීම් සහ හැදෑරීම් සිදු කරනවා. අනිත් කාරණය මේ ක්ෂේත‍්‍රයේ ක‍්‍රියාත්මක වන ආයතන කිහිපයකට මම මගේ විශේෂඥ උපදෙස් ලබා දීම සිදුකරනවා. ඉතිං ඇතිවන නව  ප‍්‍රවනතා ගැන යාවත්කාලීන වීම මගේ වගකීමක්...

ඒ ගැන ඇසීම ඉතාම සතුටුයි. ඉතිං අපට කියන්න මේ ක්ෂේත‍්‍රයේ ඇතිව තිබෙන නව තත්ත්වයන් ඔබතුමා දකින්නේ කොහොමද ? 


බලශක්ති ක්ෂේත‍්‍රයේ ආයෝජන අවස්ථා පුළුල් කිරීමට රාජ්‍ය අනුග‍්‍රහය හිමි වීමක් ලෙස මෙය හඳුනා ගන්න පුළුවන්.

පුළුල්ව ගත් කළ මෙය ඉතාම හොඳ දෙයක්. සමාජයට ආර්ථිකයට පරිසරයට සහ අනාගතයට වැඩදායී වන ස්ථිරසාර බව සහා සහායක් වන කටයුත්තක්. ආයෝජනයේ ප‍්‍රමාණය මෙන්ම යෙදුම් වපසරිය ද පුළුල් කිරීම තුළ බහුතරයකට මේ සහා සම්බන්ධ වීමේ හැකියාව ඇති වෙනවා. එමෙන්ම කෙටි කාලයක් තුළ අපේක්ෂිත ඉලක්ක වෙත යාමටත් අවකාශ හිමි වෙනවා.

ඇතිව තිබෙන ආයෝජන අවස්ථාවන් පිිළිබඳ ඔබතුමා පැහැදිලි කළොත්..

මූලිකවම ආයෝජන අරමුණ අනුව මෙය වර්ග කළ හැකියි.
01.   මූල්‍ය ඉතිරිය සහා එසේත් නැතිනම් අනිවාර්ය වැය වීම් දිගුකාලීනව අවම කිරීම සඳහා. (ත්‍සබ්බජස්ක ී්ඩසබටරැුඍමබබසබට ෑංචැබිැි*
02.   ලාභදායි ලෙස ආදායම් උපදවන ආයෝජන ලෙස.
දෙවනුව මෙය ආයෝජනයේ ප‍්‍රමාණය අනුව සුළු මාධ්‍ය සහ මහා පරිමාණ ලෙස වර්ග කළ හැකියි.


මේ එකිනෙක සරලව පැහැදිලි කළොත්..


ඔවු. මුලින්ම මම ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ අවබෝධය සහා උදාහරණ අවස්ථා කීපයක් සමඟ පැහැදිලි කරන්නම්.

මූල්‍ය ඉතිරිය සහා ගෘහස්ථ සූර්ය-ආයෝජන.

ඇත්තෙන්ම හොඳින් සලකා බැලූවොත් මේ ආයෝජනය වඩාත්ම ගැලපෙන්නේ විදුලි ඒකක 200 හෝ එයිට වැඩි පරිභෝජනයක් සහිත විදුලි පාරිභෝගිකයන් හට. ඔවුන්ගේ විදුලි බිලක් අතට ගත් විට ඔබට පෙනේවි මුල් ඒකක අනූව දක්වා ඉතා අඩු සහනදායි ඒකක මිලකට එය ලැබෙන බව.

ඒකක අනූව සිට ඉහළ යන සෑම ඒකකයක් සඳහාම ඉතා වැඩි මිලක් ගෙවීමට ඔවුන්ට සිදු වෙනවා. සූර්ය බලශක්ති පද්ධතියකට ආයෝජනය කිරීම හරහා මෙම වැඩි මිල ඒකක භාවිතය අවම කර ගැනීම තුළින් මාසිකව සැලකිය යුතු ඉතිරියක් කළ හැකියි.

උදා -


මෙවැනි පාරිභෝගිකයකු සඳහා වෙළෙඳපොළ ඇති ඉතා කුඩාම පද්ධතිය වන 1නඋ ධාරිතාවක් ඇති පද්ධතියකින් පවා හො දිගුකාලීන ප‍්‍රතිලාභයක් ලැබිය හැකියි. ණය පදනම මත මෙය ලබා ගත්තත් එය ගෙවීමට අවශ්‍ය මූල්‍ය ඉතිරිය මාසිකව ඔහුට ලැබෙන බව පැහැදිලියි.
එමෙන්ම නිවසක විදුලි භාවිතය වැඩි වත්ම ඒකක ආයෝජනයකට හිමිවන  ප‍්‍රතිලාභය ඉහ යන නිසා එය නැවත පියවීමට යන කාලය ක‍්‍රමයෙන් අඩු වෙනවා.

මේ අනුව ශුද්ධ මනුකරණය (භැඑපැඑැරසබට* හෝ (භැඑ ්ජජදමබඑසබට* යන ආකාර වලින් කෙනෙකුට මෙම ප‍්‍රතිලාභය ලබා ගත හැකියි.

ආදායම් මාර්ගයක් ලෙස ගෘහස්ථ සූර්ය-ආයෝජන.

ඔබ නිපදවා මණ්ඩලයට නිකුත් කරන සෑම ඒකකයක් සඳහාම පහත පරිදි ප‍්‍රතිලාභ ගෙවීමට රජය ගිවිසුමකට එළඹීම ඔබේ ආයෝජනය සුරක්ෂිත කරන්නක්. නමුත් මෙහිදී ආයෝජනයේ යෙදෙන්නන් මඳක් සැලකිලිමත් විය යුත්තේ ලැබෙන ප‍්‍රතිලාභය සාපේක්ෂව අඩු වන නිසායි. මේ නිසා කුඩා ප‍්‍රමාණයේ සූර්ය පැනල පද්ධතියකින් අපට අපේ අපේක්ෂිත මූල්‍ය ප‍්‍රතිලාභ නොලැබී යා හැකියි.

ඇත්තෙන්ම මෙයට හේතුව කුඩා ප‍්‍රමාණයේ පද්ධති ස්ථාපනයේ දී සාපේක්ෂව වැඩි ඒකක පිරිවැයක් දැරීමට සිදු වීමයි. පහත දැක්වෙන පැනල පද්ධති ධාරිතාව සමඟ මිල වැඩි වන ආකාරය සැසඳීමෙන් මෙය ඔබට අවබෝධ කර ගත හැකියි.

.....

මේ අනුව පැහැදිලි වන්නේ ආදායම් මාර්ගයක් ලෙස ආයෝජනයන් වඩාත් ඵලදායික වන්නේ විශාල පද්ධති ස්ථාපනයේ දී බවයි. සාමාන්‍යයෙන් නිවාස වල මේ සඳහා ඇති ඉඩකඩ අඩු බව මගේ හැඟීමයි.

නමුත් තාක්ෂණයේ දියුණුවත් මිල තවදුරටත් තරඟකාරී ලෙස පහළ යාමත් තුළ මේ තත්ත්වයේ වෙනසක් බලාපොරොත්තු විය හැකියි. කෙසේ වෙතත් අද පවතින තත්ත්වයන් තුළ අවම වශයෙන් කිලෝ වොට් දහයක ධාරිතාවක් සහිත පද්ධතියක් වත් (ආසන්න වශයෙන් මිල රුපියල් ලක්ෂ විස්සක* මේ සඳහා සවි කළ යුතු වෙනවා.
මේ හරහා ලැබෙන ආදායම ලාභදායි වන ලෙසත් බැංකු ණය මත ඉදි කළේ නම් එම බැංකු ණය වාරික පියවීමටත් ප‍්‍රමාණවත් වනු ඇති.


මීළඟ කාරණය ගෘහස්ථ නොවන පාරිභෝගික ආයතන. මොවුන් හට මේ වැඩපිළිවෙළ තළු විවෘතවන අවස්ථාව මොකක්ද?


විදුලි බිල සකස් කිරීමේ දී එකිනෙකට වෙනස් කාණ්ඩ කිහිපයක් තිබෙනවා. මේ අයකිරීම් වර්ගීකරණය අනුව බලශක්ති ආයෝජන විදියේ සුළු වෙනස්කම් කීපයක් සිදු වෙනවා.
මෙයත් අප දෙයාකාරයකින් ගෙනහැර දැක්විය හැකියි.

විදුලි ඒකකයක මිල රුපියල් විස්ස සීමාව ඉක්මවා ගෙවීම් කරන ආයතන පරිශ‍්‍රයන්.
ව්‍යාපාරික ස්ථාන කාර්යාල රාජ්‍ය ආයතන හෝටල් සහ ආරෝග්‍යශාලා ආදිය මේ කාණ්ඩයට ඇතුත් වෙනවා.

මේ කාණ්ඩය සහා වඩාත් ගැලපෙන්නේ ශුද්ධ ගිණුම්කරණය (භැඑ ්ජජදමබඑසබට* ගිවිසුම් ආකාරයයි.

මෙහිදී ජාලයෙන් ලබා ගත් විදුලිය සූර්ය බලයෙන් නිෂ්පාදනය ක විදුලියට හිලව් කිරීමත් අතිරික්තය පමණක් අලෙවි කිරීමත් සිදු වෙනවා.

පවතින ඒකක අයකිරීම් මිලට සමානවම ලැබෙන ප‍්‍රතිලාභය ගණනය වීමත් එය රුපියල් 22 සීමාව ඉක්මවා යාමත් මෙයට හේතුවයි.

සාමාන්‍යයෙන් විදුලි අයකිරීම් කාලයත් සමඟ වැඩි වන නිසා මෙම වාසිය ද ක‍්‍රමයෙන් ඉහ යාම අපේක්ෂා කළ හැකියි.

එමෙන්ම භාවිතයට අමතරව ජාලය වෙත නිකුත් කරන විදුලිය සහා රුපියල් 22 බැගින් ලැබීම ආයෝජනයේ විශාලත්වය භාවිතය ඉක්මවා වැඩි කිරීම දිරිමත් කරන්නක්.

විදුලි ඒකකයක මිල රුපියල් පහළොවකට වඩා අඩු වශයෙන් ගෙවීම් සිදු කරන ස්ථාන.

කාර්මික නිෂ්පාදන ආයතන ගොවිපවල් සහ වැඩබිම් පූජනීය ස්ථාන මේ කණ්ඩායමට අයත්. මේවායේ අප ගෙවන ඒකක මිල අඩු නිසා එම අඩු මිලටම ජාලයෙන් විදුලිය ලබා ගන්නා අතරම අප නිෂ්පාදනය කරන විදුලිය රුපියල් 22 ක වැඩි මිලකට විකිණීමට අපට අවස්ථාව ලැබෙනවා.

මේ තැන්වල විශාල පද්ධති සඳහා අවශ්‍ය ඉඩ පහසුකම් මෙන්ම අධි වෝල්ටීයතාවයෙන් යුතු ජාල සම්බන්ධතා තිබෙන නිසා මේ කටයුත්තට වඩාත් සුදුසු වෙනවා.

මේ නිසා මෙය සෘජු බලශක්ති ආයෝජන අවස්ාවක් ලෙස හඳුනා ගන්න පුළුවන්.
මෙහිදී ඒකකයක් සහා රජයෙන් ලබා දෙන මිල විශාල සූර්ය බලශක්ති ව්‍යාපෘති වලදී අන්තර්ජාතිකව ලබා දෙන ඒකක මිලට සාපේක්ෂව ඉතා ඉහළ අගයක් වීම මේ ආයෝජන තවදුරටත් දිරි ගන්වන කාරණයක්.

මේ ආකාරයේ බලශක්ති ව්‍යාපෘති සහා විශේෂ අඩු පොලී අනුපාත යටතේ ණය ලබා ගැනීමේ හැකියාව හරිත බලශක්තිය භාවිතය තුළින් එම ආයතන වලට ලැබෙන ඉහළ පිළිගැනීම සහ මූල්‍යමය වාසි සැලකීමේදී ඉදිරියට මෙවැනි ආයෝජනයන් වේගවත් සංවර්ධනයකට ලක්වනු ඇතැයි අපට අපේක්ෂා කරන්න පුළුවන්.

ඔබ මෙයින් අදහස් කරන්නේ ආයෝජනයක් ලෙස පද්ධති ස්ථාපනය කිරීමේ දී වඩා විශාල ආයෝජනයන් සඳහා යොමුවීම වැඩි ප‍්‍රතිලාභ ගෙන දෙන්නක් බවද?

ඇත්තෙන්ම ඔව්. මේ බලශක්ති ආයෝජන සහා විශේෂ උනන්දුවෙන් කටයුතු කරන දෙස් විදෙස් මූල්‍ය ආයතන රාශියක් තිබෙනවා. යම්කිසි ක‍්‍රමයකට ඔවුන් සිදු කරන ආයෝජනය සඳහා වග වීමක් රජය හෝ අදාළ අධිකාරීන් විසින් ලබාදීමට කටයුතු කරන්නේ නම් සහ මෙම විදුලි මිලදී ගැනීමේ කටයුත්ත අඛණ්ඩවම සිදු වන බවට පිළිගත් ගිවිසුමක් හරහා රජය තහවුරු කරන්නේ නම් මේ වැඩපිිවෙ ඉදිරියට ගෙනයාම ඉතාම පහසු කටයුත්තක් වේවි.

විශාල සූර්ය බලශක්ති ව්‍යාපෘති (SOLAR PARK) සමඟ සැසඳීමේ දී මේ පියැසි බලාගාර වැඩපිළිවෙළෙහි ඇති විශේෂ වාසි මොනවාද?

ඇත්තෙන්ම පළමුවෙන්ම සඳහන් කළ යුත්තේ මේ ව්‍යාපෘති වල ඇති සරළ බව.  ඕනෑම බලශක්ති ආයෝජකයකුට තිබෙන ගැටලූවක් තමයි ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා ගැනීමේ ඇති අපහසු බව. සමහර විට එය වසර කිහිපයක් ගත වන විශාල මුදලක් වැය වන කටයුත්තක්.

අනෙක තමයි යටිතල පහසුකම් සංවර්ධනය.  සූර්ය බලාගාරයක් පිහිට වීමට භූමිය වෙන්කර ගැනීම භූමිය සකස් කිරීම විදුලි රැුහැන් පද්ධති සහ විශේෂ පරිණාමක නිර්මාණය ඇතුළු සියලූ කටයුතු සඳහා විශාල මූලික පිරිවැයක් දැරීමට සිදු වෙනවා.

පියැසි බලාගාර නිර්මාණයේදී  මේ  කිසිදු ආකාරයක ගැටලූවක් මතු නොවීම විශේෂ වාසියක්. සැලසුම් කර ඉතා කෙටි කාලයක් ඇතුළත ක‍්‍රියාත්මක තත්ත්වයට ගත හැකි බව මෙන්ම අවසානයේදී ලැබෙන ප‍්‍රතිලාභය ද වැඩි වීම මෙයින් වැදගත්.



ඔබ දකින ආකාරයට රජයේ සූර්ය බලශක්ති ඉලක්කය වන 1000MW ධාරිතාව සම්පූර්ණ කර ගැනීම අපේක්ෂිත පරිදි ඉටුකර ගැනීමට අවකාශ ලැබේවිද ?

අනිවාර්යයෙන්ම එම ඉලක්කය අප සිතනවා  වඩා ඉක්මනින් සිදුවේවි.

සූර්යබල පද්දතියක් ඔබේ නිවසටත්
http://www.gensopower.com

Genso Power Technologies

No comments:

Post a Comment

Instagram