විදුලි බලය උත්පාදනය සඳහා සූර්ය බලය යොදා ගැනීම

විදුලි බලය උත්පාදනය සඳහා සූර්ය බලය යොදා ගැනීම

හිරු එලිය විද්‍යුතය බවට පරිවර්තනය කිරීමේ ක‍්‍රියාවලිය සිදු වන්නේ ප‍්‍රකාශ වෝල්ටීයතා ආචරණය (photovoltaic effect) නම් වූ සංසිද්ධිය මගිනි.

සූර්ය කෝෂ නිපදවා ඇත්තේ ප‍්‍රකාශ වෝල්ටීය කෝෂ (Photovoltaic cells) නමින් වූ බොහෝ කුඩා ඒකක රැුසක් එකට එකතු කිරීමෙනි.

ප‍්‍රකාශ වෝල්ටීය කෝෂයක් මූලික වශයෙන් සෑදී ඇත්තේ අර්ධ සන්නායක මුලද‍්‍රව්‍ය  [මූලිකව Silicon  (සිලිකන්)] යොදා සාදන ලද සැන්ඞ්විචයක (Sandwich) පෙති
දෙකක් මෙන් පවතින ස්ථර 2 කිනි.

සූර්ය පැනලයක් තුල විදුලිය ජනනය සිදුවනුයේ, හිරු එළියේ පවතින ෆෝටෝන ( Photon ) නැමැති ආලෝක අංශු විසින් සුර්ය කෝෂ වල පරමාණු තුල පවතින ඉලෙක්ට්‍රෝන වලට පහරදීම නිසා නිදහස් වන ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමට පටන් ගැනීමෙනි.

සුර්ය පැනල ක‍්‍රියා කිරීමට, ප‍්‍රකාශ වෝල්ටීය කෝෂ තුල විද්‍යුත් ක්ෂේත‍්‍රයක් ඇති කිරීමට අවශ්‍ය වේ. ප‍්‍රතිවිරුද්ධ ආරෝපණ වෙන් වන විට ඒ හේතුවෙන් ප‍්‍රතිවිරුද්ධ අග‍්‍ර 2 ක අතර විද්‍යුත් ක්ෂේත‍්‍රයක් හට ගනී. මෙම විද්‍යුත් ක්ෂේත‍්‍රය නිර්මාණය කිරීමට, නිෂ්පාදකයන් විසින් Silicon (සිලිකන්) මුලද‍්‍රව්‍ය වෙනත් මුලද‍්‍රව්‍ය සමග මාත‍්‍රණය (dope) කරයි. මේ හේතුවෙන් සැන්ඞ්විචයක (Sandwich) පෙති මෙන් සැකසී ඇති එක් එක් ස්ථර
ධන හා ඍණ ලෙස විද්‍යුත් ආරෝපනයක් ලබා ගනී.

සුර්ය පැනල නිෂ්පාදකයින් විසින් සිලිකන් ඉහල ස්ථරයට පොස්පරස් (Phosphorous) මුහු කරයි. මෙමගින් එම සිලිකන් ඉහල ස්ථරයට අමතර ඉලෙක්ට්‍රෝන එකතු වීම
නිසා එයට ඍණ ලෙස ආරෝපනයක් හිමිවේ.

මේ අතර, පහළ ස්ථරය සඳහා බෝරෝන්a (Boron) මාත‍්‍රණය කරනු ලැබේ. මේ හේතුවෙන් ඉහල ස්ථරයට සාපේක්ෂව ඉලෙක්ට්‍රෝන ප‍්‍රමාණය අඩු වීම නිසා එයට
ධන ආරෝපනයක් හිමිවේ. මෙම ප‍්‍රතිවිරුද්ධ ආරෝපණ නිසා සිලිකන් ස්ථර අතර
විද්‍යුත් ක්ෂේත‍්‍රයක් හට ගනී.

ප‍්‍රකාශ වෝල්ටීය කෝෂ දෙපස පිහිටි ලෝහ සන්නායක තහඩු මගින් මෙසේ නිදහස් වී ගලන ඉලෙක්ට්‍රෝන රැස් කොට සුර්ය පැනලයෙන් පිටතට ධාරාව ගැලීම සඳහා
සවි කර ඇති කේබල වෙත යොමු කරයි.

මෙලෙස ගලන ධාරාව සරල ධාරාවක් (Direct Current) වේ.

මෙම ධාරාව අදාල අවශ්‍යතාවය අනුව ඍජුවම හෝ අපවර්තකයක් (Inverter) මගින් ප‍්‍රත්‍යාවර්ථ ධාරාවක් (Alternating Current) බවට පත් කොට හෝ අපගේ
එදිනෙදා විදුලි අවශ්‍යතාවයන් සඳහා භාවිතයට ගත හැක.


වැඩි විස්තර තාක්ෂණික තොරතුරු සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න

www.gensopower.com

Genso Power Technologies

No comments:

Post a Comment

Instagram