සූර්ය බලශක්ති උත්පාදනයට බලපාන භෞතික හා පාරිසරික සාධක හඳුනා ගනිමු..

අප සතු බලශක්ති මූලාශ‍්‍ර වලින් ඉහළින්ම සිටින සූර්යයා, අසීමිත බලශක්ති ප‍්‍රමාණයක් පෘථිවිය වෙත මුදා හරියි. ගණනය කිරීම් අනුව දිනක එක් පැයක් තුළ අප මිහි තලය මත පතිත වන සූර්ය ශක්ති ප‍්‍රමාණය, මුළු වසරක් පුරාවට මිනිස් වර්ගයාම භාවිත කරන බලශක්ති ප‍්‍රමාණයට සමාන බව පැවසේ.

නමුත් මේ සූර්ය ශක්තිය, සෑම විටම ඒකාකාරී සැපයුමක් ලෙස අපට නොලැබීම එහි භාවිතයේ සීමාවන් ඇති කිරීමට මූලික හේතුව ලෙස හඳුනා ගැනේ.

සූර්ය කෝෂ තාක්ෂණය ඔස්සේ මෙම බලශක්තිය විදුලිය බවට පත් කර ගැනීම වඩාත් ප‍්‍රචලිත වන මේ කාල සීමාව තුළ, බොහෝ දෙනෙකුගේ මේ පිළිබඳ ගැටලූ වලට
විසඳුම් ගෙන ඒමේ අරමුණින් මේ ලිපිය සකස් වේ.

ලංකාවේ භූගෝලීය පසුබිම සහ සූර්ය බලශක්ති විභවතාව. (Solar Potential)

ශ‍්‍රී ලංකාව සලකනු ලබන්නේ සූර්ය බලශක්තිය නිෂ්පාදනය සඳහා ඉතා සුදුසු පාරසරික සාධක ඇති රටක් ලෙසය.

පොදුවේ ගත් කළ මධ්‍යම කඳුකරයේ ප‍්‍රදේශ කීපයක් (නුවරඑළිය, හැටන්, නාවලපිටිය ආදී* හැරුණුවිට දිවයිනේ  ඕනෑම තැනක සූර්ය බලශක්තිය නිෂ්පාදනයට අවශ්‍ය අවම වාර්ෂික විකිරණ අගය ඉක්මවා සූර්යාලෝකය ලැබීම සිදුවේ.

අප තෙත් කලාපය ලෙස හඳුනාගෙන ඇති බස්නාහිර, සහ සබරගමු පළාත් වලදී, සතුටුදායක අගයකුත්, උතුරු, නැගෙනහිර, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත් වලදී ඉතා ඉහළ අගයකින් සූර්ය ශක්තිය එකතු කළ හැක.

වාර්ෂික වර්ෂා පතනය සහ වලාකුළු වලින් සිදු වන බාධා වීම හැරුණුවිට, ලංකාව ඉහළින් සූර්යයාගේ ගමන් මගේ වෙනස්කම්  මත සිදු වන බලපෑම් අවම වීම මෙම ආයෝජනයේ  ප‍්‍රතිලාභ ඉහළ දැමීමට හේතුවෙයි.

මෝසම් කාලගුණ වෙනස්කම් මත, බස්නාහිර, දකුණු සහ නිරිත ප‍්‍රදේශවලට මැයි සිට අගෝස්තු මාස දක්වාත්, උතුරු සහ නැගෙනහිර පළාත් වලදී දෙසැම්බර් සිට පෙබරවාරි මාස දක්වාත් බලශක්ති නිෂ්පාදනයේ අඩු වීමක් සිදු වේ.

ජාලගත (Ongrid) සූර්ය ජනනය සහ කාලගුණික වෙනස්කම්.

ජාල ගත සූර්ය බලශක්ති නිෂ්පාදනයේදී කෙටි කාලීනව සිදු වන කාලගුණික වෙනස් වීම මත අදාළ නිෂ්පාදකයන්ගේ දෛනික බලශක්ති පරිභෝජනයට කිසිඳු බාධාවක් සිදු නොවේ.

දිවා - රාත‍්‍රි කාල ප‍්‍රමාණයේ වෙනස්කම් නිසා හෝ, අඳුරු සහ වැසී සහිත කාලගුණික තත්ත්ව තුළ බලශක්ති උත්පාදනය අඩු වූවත්, එය අදාළ වර්ෂය සඳහා වූ අපේක්ෂිත බලශක්ති අගය සැලකිය යුතු ලෙස වෙනස් කිරීමට හේතුවක් නොවේ.

මෙහි දැක්වෙන්නේ ලංකාවේ විවිධ ප‍්‍රදේශ වලට ලැබෙන සූර්ය විකිරණ ඝනත්වයේ ප‍්‍රමාණාත්මක ස්වභාවයයි. තද වර්ණ වලින් දැක්වෙන ප‍්‍රදේශ සුර්යබල උත්පාදනයට වඩාත්ම සුදුසු වේ.

වාර්ෂික කාලගුණික වෙනස් වීම් අනුව සූර්යබල නිෂ්පාදනය වෙනස්
වන අයුරු. (කිලෝවොට් එකක ධාරිතාවක් සඳහා මාසික බලශක්ති
නිෂ්පාදන සාමාන්‍යය - බස්නාහිර පළාත)

වඩාත් හිතකර භෞතික සහ අනෙකුත් සාධක..  
ඔබේ පියැස්ස සූර්ය ජනනය සඳහා කෙතරම් සුදුසු ද ?

ඔබේ නිවාසයේ හෝ පරිශ‍්‍රයේ තිබිය යුතු සූර්ය බලශක්ති උත්පාදනය ඉහළ නංවන ලක්ෂණ කිහිපයක් මෙහිදී සඳහන් වේ. මෙම අවශ්‍යතා එලෙසම තිබීම අත්‍යාවශ්‍ය නොවන අතර, සමහර අවශ්‍යතා පැනල ස්ථාපනයේ දී තාක්ෂණිකව සපුරා
ගත හැක.

වසර පුරා හොඳ ආලෝක තත්ත්වයක් ලැබෙන ප‍්‍රදේශයක  පිහිටීමට අමතරව ඔබේ නිවසේ ඉදිකිරීම් ස්වභාවය ද පැනල පද්ධතියකින් නිෂ්පාදනය වන විදුලි ඒකක සංඛ්‍යාව කෙරෙහි බලපෑමක් ඇති කරයි.

හොඳින් නිරාවරණය වූ, උස් වහලක් තිබීම. 

ගොඩනැගිලි වලින් හෝ වෘක්ෂයන්ගෙන් සෙවණ නොවැටෙන ලෙස දවස පුරා හොඳින් හිරු එළිය පතිත වන ලෙස පිහිටා තිබීම ඉතා වැදගත් කරුණකි.

සෙවණ වැටෙන තැනකනම් හැකිතාක් දුරට උදෑසන හිරු එළිය හොඳින් ලැබෙන ලෙස පැනල ස්ථාපනය සුදුසු වේ.



ආනතිය අඩු පුළුල් වහලක් වීම
අංශක 10 - 15  අතර වූ (අඩියකට අඟල් එකත් දෙකත් අතර) වූ ආනතියකට වහලය තිබීමත්, එය පුළුල් සහ ඒකාකාරී ලෙස තිබීමත් වාසි සහගතය. ආනතිය වැඩි අවස්ථා වලදී, ආධාරක සැකිල්ලක් මත පැනල සවි කෙරේ.

වහලයේ ආනතිය දකුණු දිශාවට මුහුණලා පැවතීම.

වහලය පහත දිශා අනුකරණයට පැවතීම වඩා ඉහළ සූර්ය බලශක්ති ප‍්‍රමාණයක් ලබා ගැනීමට හේතු වේ.ඔබේ වහලය පිහිටා ඇති දිශාව අනුව ලැබෙන බලශක්ති ප‍්‍රතිශතයන් පහත ලෙස වේ.

දකුණට  - 100%      නැගෙනහිරට - 95 %
බටහිරට - 92%       උතුරට - 88%



වැඩි විස්තර හා සහාය  සඳහා
www.gensopower.com



Genso Power Technologies

No comments:

Post a Comment

Instagram