ඔබ ඉදිකරන නව නිවසට සූර්ය බලශක්ති සැලසුම් උපදෙස්..

වර්තමාන නිවාස සහ ගොඩනැගිලි සැලසුම්කරණයේදී  බලශක්ති භාවිතය ප‍්‍රශස්ත කිරීම පෙරට වඩා සැලකිලිමත්ව සිදුවේ. දෛනික අවශ්‍යතා සඳහා විදුලි බලයේ අවශ්‍යතාව වැඩි වීමත්, විදුලිය සඳහා වැය වන මුදල ක‍්‍රමයෙන් ඉහළ යාමත් නිසා එයට විකල්ප විසඳුමක් ලෙස සූර්ය බලශක්ති පද්ධතියක් නිවාස සැලසුමට ඇතුලත් කිරීම අනිවාර්ය අංගයක් වී ඇත.
නිවසක් සැලසුම් කරන ඔබ හට, ඔබේ අනාගත නිවස බලශක්තියෙන් ස්වාධීන තත්ත්වයක් ඇතිකර ගැනීමට අවශ්‍ය වැදගත්  කරුණු කිහිපයක් සාකච්ඡුා කිරීම මේ ලිපිය තුළින් සිදු වේ.


ඔබේ අනාගත නිවහන විදුලි බිලෙන් නිදහස් වීම ඔබටත්, පවුලේ ආදරණීයයන්ටත් ඉතා පහසුවක් වනු ඇති බව නොඅනුමානය. විශේෂයෙන්ම බැංකු ණය ආධාරයෙන් නිවසක් ඉදි කිරීම ඇතුළු මූලික කටයුතු සම්පූර්ණ කරගන්නා ඔබ හට, ඉදිරියේදී එම ණය පියවීම සඳහා මාසික වියදම් සැලසුම් කිරීමට මෙය බෙහෙවින්ම උපකාරී වනු ඇත.

නිවාසයක් සැලසුම් කිරීමේදී ම, සූර්ය බලශක්ති පද්ධතියක් එක්කොට එය සිදු කිරීම මෙහිදී වැදගත් 
වන කාරණයකි. මේ පිළිබඳ අදහස් දැක්වීමට අප සම්බන්ධ කර ගත්තේ, වරලත් වාස්තුවිද්‍යා ප‍්‍රවීණයකු වන, චමිල වීරසිංහ මහතායි. පොදුවේ ඔබ සැමටම වැදගත් වන ගැටලූ කිහිපයක් අප ඔහු වෙත යොමු කළා.

නිවසක් සැලසුම් කිරීමේදී බලශක්ති භාවිතය පිළිබඳ සැලකිලිමත් වීමේ වැදගත්කම මොකක්ද ?
බලශක්තිය, අපේ එදිනෙදා ජීවිත වලට ඉතාම වැදගත් දෙයක්. අපේ ඉපයීම් වලින් ආසන්න වශයෙන් සියයට විස්සක් පමණ එදිනෙදා බලශක්ති අවශ්‍යතාවන් සඳහා වැය වෙනවා. විදුලි බිල මින්  ප‍්‍රධානයි. නිවාස ආලෝකමත් කිරීම, සිසිලනය, උණුසුම් කිරීම, ආහාර පිසීම ඇතුළු දහසකුත් එකක් කටයුතු සඳහා අපට විදුලිබලය අවශ්‍ය වෙනවා. මේ අවශ්‍යතා වලදී බලශක්තිය ප‍්‍රශස්ත ලෙස භාවිත කිරීම අපේ වියදම් අවම කිරීමටත්, නිවැසියන් ගේ ජීවන තත්ත්වය උසස් කිරීමටත් හේතු වෙනවා.

අද ලෝකයේ අවශ්‍යතාවන්ට ගැලපෙන විදියට නිවාස සැලසුම් කිරීමේදී, අප සැලකිලිමත් විය යුතු ආකාර මොනවාද ? 

  •  බාහිර බලශක්ති අවශ්‍යතාව අවම වන ලෙස නිවාස සැලසුම් කිරීම.
ස්වභාවිකව අපට ලැබෙන වාතාශ‍්‍රය සහ ආලෝකය උපරිම ලෙස යොදා ගෙනෙන ආකාරයට මෙහිදී නිවස සැලසුම් කැරෙනවා.

ඉහළ බලශක්ති කාර්යක්ෂමතාවක් සහිත විදුලි උපාංග නිවසට සවි කිරීමට කටයුතු කිරීම තුළින් වැය වන විදුලි ඒකක සංඛ්‍යාව අවම වෙනවා. විශේෂයෙන්ම, නිවස ආලෝකමත් කිරීමට LED  භාවිතා කිරීම, බලශක්ති හානිය අඩු වායු සමීකරණ යන්ත‍්‍ර සහ ශීතකරණ (Inverter type) භාවිතය මෙහිදී වැදගත්. 
  • බලශක්ති නිෂ්පාදනය.
සූර්යබල තාක්ෂණය නිසා අපට අපේ නිවාස සම්පූර්ණයෙන්ම විදුලි බිලෙන් නිදහස් හෝ ආදායම් උපදවන තැනක් බවට පත් කර ගැනීමේ හැකියාව අද අපට ලැබී තිබෙනවා. මේ සඳහා නව නිවාස සැලසුම් වලදී විශේෂ අවධානයක් යොමු වෙනවා.

ගෘහනිර්මාණ ශිල්පයේ දී බලශක්ති පද්ධතියක් ස්ථාපනය සඳහා සුදුසු පරිදි නිවසක් සැලසුම් කිරීමේ ප‍්‍රයෝජන මොනවාද ?

මූලික සැලසුම්කරණ අවස්ථාවේදීම සූර්ය පැනල පද්ධතිය ඇතුළත් කිරීමේ වාසි කීපයක් තිබෙනවා.

01. පැනල පද්ධතියේ නිසි ක‍්‍රියාකාරීත්වයට අවශ්‍ය භෞතික අවශ්‍යතාවන් ප‍්‍රශස්ත ලෙස සම්පූර්ණ කිරීම.

මෙහිදී පැනල සවි කිරීමට සුදුසු තැනක් සහ අවශ්‍ය වපසරියකින් යුතු වහල කොටසක් සැලසුමට ඇතුළත් කිරීම සිදු වෙනවා. අඩු ආනතියකට (10ඣී-15ඣී* දකුණු දිශාවට මුහුණපා සිටින සේ මෙය සැලසුම් විය යුතුයි. නිවසේ ඉහළින්ම මේ තැන පිහිටා තිබීමත්, නිවසේ ජල ටැංකි හෝ අවට උස් ගොඩනැගිලි වල සෙවණ නොවැටෙන සේ පැවතීමත් වැදගත්.


 02. මූල්‍ය සැලසුම්කරණය.

සූර්ය පැනල පද්ධතියක් සඳහා සැලකිය යුතු ආයෝජනයක් කළ යුතු වෙනවා. එහි ප‍්‍රමාණය තීරණය වන්නේ ඔබේ නිවසේ අනාගත විදුලිබල අවශ්‍යතාවන් මතයි. නිවසක විදුලිය භාවිතය බොහෝ කාරණා මත වෙනස් වුවත්,



පහත උදාහරණ මගින් ඔබ සවි කළ යුතු පැනල පද්ධතියක විශාලත්වය පිළිබඳ යම්කිසි අවබෝධයක් ඔබට ලබා ගත හැකියි. 


උදාහරණ
  1. කාමර තුනක තනි තට්ටු නිවසකට
         AC රහිත  - 1 KW
         AC කාමර 1යි - 1.5KW
         AC කාමර 2යි ූ 2KW

  2. කාමර හතර තට්ටු දෙකේ නිවසකට 
      AC රහිත - 1.5 KW
      AC කාමර 1 යි - 2 KW
      AC කාමර 2 යි - 3 KW
      AC කාමර 3 යි - 4KW
      AC කාමර 2 යි  විදුලි මෝටර් රථය (EV - 5kW)

මීට අමතරව නිවසේ වෙසෙන නිවැසියන් ගේ සංඛ්‍යාව, විදුලි පරිභෝජන රටාව, ආදී කාරණා මත ඉහත අගයන්වෙනස් විය හැකියි.

03. පද්ධති ස්ථාපනයේ තාක්ෂණ පහසුකම

සූර්ය පැනල ස්ථාපනය කිරීමේ සිට, අදාළ විශේෂිත වයරිං කිරීම, සබඩැරඑැර සවි කිරීම සහ භූගත කිරීම 
දක්වා වූ කටයුතු මනාව සැලසුම් කිරීමේ හැකියාව මෙයින් ලැබෙනවා. 


04. අවශ්‍ය අනුමතිය ලබා ගැනීමේ පහසුකම්.

විදුලි සපයන ආයතන හරහා ජාල සම්බන්ධතාව ලබා ගැනීමේ දී, අයදුම් කළ යුතු සම්බන්ධතා ක‍්‍රමය (Single Phase or Three Phase), ඇම්පියර් ගණන (30/60), මෙහිදී අපට මුලින්ම තීරණය කළ හැකියි. අදාළ අවසරය සඳහා සෘජුවම ඉල්ලූම් කිරීමටත් හැකියාව ලැබෙනවා.

05. නිවසේ බාහිර පෙනුමට බාධාවක් නොවන සේ පැනල ස්ථාපනය.

නවීන නිවාස සැලසුම්කරණයෙහි දී හැඩ තල, වර්ණ ගැළපීම ආදී කරුණු වැදගත්. ඉදිකර අවසන් වූ නිවසකට සූර්ය පැනල භාවිත කිරීමේදී මෙම කරුණු බොහෝ විට බාධාවන් වන අවස්ථා තිබෙනවා. මෙලෙස නිවසේ වාස්තු විද්‍යා පෙනුම (Architectural values) වෙනස් වීම, සූර්ය පැනල භාවිතයේ අවාසිදායක දෙයක් ලෙස පාරිභෝගිකයන් මෙන්ම වාස්තු විද්‍යා ශිල්පීන් විසින් සලකනු ලබනවා. නමුත්, සූර්ය පැනල භාවිතය මුල සිටම සැලසුම් කිරීම මගින් මෙම බලපෑම් අවම කර ගැනීම පමණක් නොව, එය නිවසේ වාස්තු විද්‍යා වටිනාකම ඉහළ නංවන කාරණයක් වෙනවා.

06. නිවසේ ආර්ථික වටිනාකම ඉහළ නංවන කාරණයක්. (Value Addition)

නිවාස ඉදිකොට ඒවා නව පාරිභෝගිකයන් හට විකිණීම හෝ, බදු මත ලබා දීම අද ඉතා හොඳ ආයෝජන ක‍්‍රමයක්. සූර්ය පැනල පද්ධතියක් සවි කර තිබීම සහ, එමඟින් නිවස විදුලිය සඳහා නිදහස් (Free Electricity), යන්න, ඉතා හොඳ ආකර්ෂණය වෙළෙඳ උපක‍්‍රමයක් 
වීම තිබෙනවා.

නිවසක් සැලසුම් කරන කෙනෙකු මේ සඳහා කළ යුත්තේ මොකක්ද ?

මෙහිදී අදාළ සැලසුම් ශිල්පියා (designer) හෝ වාස්තු විද්‍යා ප‍්‍රවීණයා හට ඔබගේ අවශ්‍යතාව පැහැදිලි කළ යුතුයි. ඔහු අවශ්‍ය නම්, තාක්ෂණ ආයතනයක විදුලි ඉංජිනේරු වරයකු ගේ උපදෙස් ලබා ගෙන අදාළ සැලසුම් සකස් කරනු ඇත. මූල්‍ය සැලසුම්(BOQ) , සඳහා මෙහි වටිනාකම ලබා ගැනීමේ හැකියාව එහිදී ලැබෙනවා. ණය අනුමැතියට යොමු කිරීමේ දී මෙය පහසුවක් නවා.නිවස ඉදිකිරීම් කටයුතු වල වයරිං අවස්ථාවේ දී අදාළ තාක්ෂණ ආයතනය සමඟ ගිවිසුම් ගත වී, ඉදිරි තාක්ෂණ සහාය ලබා ගත හැකි වෙනවා.

ඉදිකිරීම් අවසානයේ නිවසට ස්ථිර විදුලිබල සැපයුම ලබා ගන්නා අවස්ථාවේ දී සූර්ය පැනල පද්ධතිය සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගැනීමට එම තාක්ෂණ ආයතනය කටයුතු කරුණු ඇති. 

මේ කටයුතු වලදී පාරිභෝගිකයන් හට ඔබ ලබා දෙන උපදෙස මොකක්ද ? 

වැදගත්ම කාරණය තමයි, මේ කටයුත්ත සඳහා නිවැරැුදි තාක්ෂණ ආයතනය තෝරා ගැනීම. ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණ ආයතනයක වෘත්තීයමය අත්දැකීම් ඔබේ නිවසට ඉතා ඉහළ තත්ත්වයක් සහිත උපාංග කට්ටලයක්, දිගුකාලීන වගකීමක් සහිතව ලබාදීමට හේතු වනු ඇති.


වැඩිදුර තොරතුරු සහ සූර්ය බලශක්ති ස්ථාපනය ඉන්ජිනේරු සහාය ලබා ගනීමට අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
www.gensopower.com


Genso Power Technologies

No comments:

Post a Comment

Instagram