සූර්ය බලශක්ති තාක්ෂණයේ දී භාවිත වන වැදගත් උපාංගයක් ලෙස ප‍්‍රශස්තකරණ ඒකකය (Optimizer Unit& ) හැඳින්විය හැක. ප‍්‍රශස්තකරණ ඒකක වල තාක්ෂණ පසුබිම, භාවිත කළ යුතු සහ නොකළ යුතු අවස්ථා පිළිබඳ විදුලි පාරිභෝගික, ඔබ දැනුවත් කිරීමට මෙම ලිපිය සකස් වේ.
මෙම කරුණු පිළිබඳ නිවැරදි අවබෝධය තුළින් මෙම තාක්ෂනය අපට ප‍්‍රයෝජනවත් අයුරින් භාවිත කිරීමටත්, අනවශ්‍ය ලෙස භාවිතයෙන් සිදුවන අවාසි මඟහරවා ගැනීමටත් ඔබට උපකාරි වනු ඇත.
සූර්ය පැනල වලට ලැබෙන ආලෝකය ඒකාකාරී නොවන අවස්ථා වලදී සිදු විය හැකි බලශක්ති හානිය අවම කරගැනීම සඳහා නිෂ්පාදනය කර ඇති සුවිශේෂී උපාංගයක් ලෙස සූර්ය බලශක්ති ප‍්‍රශස්තකරණ ඒකකය හැඳින්විය හැක. මෙම තාක්ෂණය ආරම්භයේදී භාවිත වී ඇත්තේ සූර්ය බලශක්තිය ප‍්‍රශස්ත ලෙස නොලැබෙන යුරෝපීය රටවල දී භාවිතය සඳහාය. සමකයෙන් බැහැරව ඇති රටවල වසරේ විවිධ කාලවලදී සූර්යාලෝකය ලැබෙන ප‍්‍රමාණය, කාල සීමාව සහ දිශාවේ වෙනස්කම් නිසා සූර්ය කෝෂ පද්ධති වල අපේක්ෂිත ක‍්‍රියාකාරීත්වය බොහෝ විට නොපෙන්වීම.
එමෙන්ම යුරෝපයේ දී ඇති ඉතා වැඩි ආනතියකින් යුත් (හිම තැන්පත් වීම අවම කිරීමට* සහ විවිධ දිශානතීන් යුතුව ඇති වහල සහිත ගොඩනැගිලි සූර්ය පැනල සවි කිරීමට අවශ්‍ය ප‍්‍රශස්ත භෞතික සාධක නොපෙන්වීම. මේ ආකාර ලෙස වූ තත්ත්වයන් සඳහා මෙම ප‍්‍රශස්තකරණ (Optimizer Technology) තාක්ෂණය යොදා ගැනීමෙන්, සූර්යබල පද්ධතියක සිදු වන සමස්ථ බලශක්ති හානිය අඩු කර ගත හැකි බව පෙන්වාදී ඇත.
තාක්ෂණික පසුබිම
අද ලොව පුරා භාවිත වන වඩාත් ජනප‍්‍රිය සහ විද්‍යාත්මකව වශයෙන් පිළිගත් තාක්ෂණ ක‍්‍රමවේදය වන්නේ, ශ්‍රේණිගතව සම්බන්ධ කළ සූර්ය පැනල පද්ධතියක් හරහා ඒකරාශි කළ බලශක්තිය, මධ්‍යගත පරිණාමකයක් හරහා විදුලි බල ජාලයට නිකුත් කිරීමයි. සූර්ය බලශක්තිය ඒකාකාරීව, හොඳින් ලැබෙන පරිසරයකට මේ ක‍්‍රමය වඩාත් ප‍්‍රතිඵලදායකය සහ කල් පැවැත්මෙන් ඉහළ බව අවිවාදයෙන් පිළිගත් කාරණයකි. නමුත් ශ්‍රේණිිගතව (Series) සම්බන්ධ කළ පැනල පද්ධතියකට ලැබෙන සූර්යාලෝකය ඒකාකාරී නොවන අවස්ථා වලදී එම පද්ධතියේ සමස්ථ ක‍්‍රියාකාරීත්වය අපේක්ෂිත මට්ටමට නොලැබී යාම සිදු වේ. පැනල පද්ධතියේ අඩුම ආලෝක තත්ත්වයක් ලැබෙන පැනලය
හෝ පැනල කිහිපය, වැඩි ක‍්‍රියාකාරීත්වයක් ඇති අනෙක් පැනල වලට ප‍්‍රතිරෝධකයක් ලෙස හැසිරීම මෙයට හේතුවයි. උදාහරණ ලෙස, ඉහළින් පිහිටා ඇති ගොඩනැගිලි වලින් හෝ උස් වෘක්ෂයන්ගෙන් දවසේ සැලකිය යුතු වේලාවක් සෙවනැලි පතිත වීම හඳුනාගත හැක. එලෙසම එකම ශ්‍රේණියේ් පැනල දිශානතීන් කිහිපයකට සවි කිරීමෙන්, එම ශ්‍රේණියේ පැනල වලට දවස තුළ සූර්යාලෝකය ලැබෙන ප‍්‍රමාණයන් එකිනෙකට වෙනස් වීම සිදුවේ වෙනස් වේ. මෙවැනි සුවිශේෂී අවස්ථා වලදී පද්ධතිය තුළ ඇතිවන අභ්‍යන්තර ප‍්‍රතිරෝධය (Internal Resistance) අවම කිරීම ප‍්‍රශස්තකරණ ඒකක (Optimizer Unit) හරහා සිදුවේ. මෙහිදී මේ ප‍්‍රශස්තකරණය පැනලයෙන් පැනලයට සිදුවන අතර, මේ සඳහා සෑම පැනලයකටම එකක් බැගින් වූ මෙම විද්‍යුත් උපාංගය, පැනල ආසන්නයේම සවි විය යුතුය. මෙහි ක‍්‍රියාකාරීත්වයට අවශ්‍ය විදුලිය නිපදවන සූර්ය බලශක්තියෙන්ම අවශෝෂණය කිරීම මෙහිදී සිදුවේ. එමෙන්ම, පද්ධතියක ඇති විදුලි උපාංග සංඛ්‍යාව වැඩි වීම හරහා සංකීර්ණ බවක් ඇති කරයි. මෙය දිගුකාලීනව පද්ධතියක නඩත්තු අවශ්‍යතාව ඉහළ දමන අතර, බිඳ වැටීම් හැකියාව වැඩි කරයි.
මෙම තාක්ෂණය තෝරා බේරාගෙන භාවිත කළ යුතු දෙයක් ලෙස හඳුනාගෙන ඇති අතර, සුදුසු තැන්හිදී භාවිතය තුළින් ඉහළ ප‍්‍රතිඵල මෙන්ම, අනවශ්‍ය තැන්හිදී භාවිතය ඔබේ අපේක්ෂිත ප‍්‍රතිඵල අඩු කිරීමට ද හේතු විය හැක. එමෙන්ම එය අනාගතයේදී තාක්ෂණ බාධාවක් (Technology Burden) ලෙස ඔබට කරදරයක් වීමට ඇති ඉඩකඩ ඉහළ බව මෙහිලා සඳහන් කිරීම වැදගත් වේ. ලංකාව සමකය ආසන්නයේම පිහිටා ඇති රටක් ලෙස ඉතා ඉහළ සූර්ය බලශක්ති විභවයක් (Energy Potential) පෙන්නුම් කරයි. එමෙන්ම වසර පුරා සූර්යයාගේ තිරස් චලනය අංශයක දහයක පමණ ඉතා අඩු අගයක් ගනී. බොහොමයක් අපගේ ඉදිකිරීම් වල වහල අඩු ආනතියකින් යුතුව නිර්මාණය වීම ආදී මේ කරුණු සූර්ය පැනල සවි කිරීම සඳහා මනාව ගැලපේ.

Optimizer තාක්ෂණය භාවිත කළ යුතු අවස්ථා.
Optimizer තාක්ෂණය පහත සඳහන් විශේෂ පාරිසරික සහ භෞතික අවස්ථාවන්හි දී, සූර්ය පැනල පද්ධතියක සිදු වන බලශක්ති නිෂ්පාදනයේ අඩු වීම් අවම කරගැනීමට උපකාරී වන බව පෙනී ගොස් ඇත.
පැනල පද්ධතියේ කොටසකට දවසේ සැලකිය යුතු කාල සීමාවක් තිස්සේ සෙවණැල්ලක් පතිත වීම. (Partial Shading)
ශ්‍රේනිගතව එකිනෙකට අමුණා ඇති පැනල සමූහයක එක් පැනලයකට හෝ කිහිපයකට අඩු ආලෝකයක් ලැබීම, සමස්ථ පැනල පද්ධතියේම බලශක්ති නිෂ්පාදනය කෙරේ බලපෑමක් ඇති කරයි. මේ බලපෑම අඩු කර ගැනීමට (optimizer) තාක්ෂණය භාවිත කළ හැක. ඔබේ වහලයට සැලකිය යුතු කාලයක් (දිනකට පැය 3 කට වැඩි) අසාමාකාර ලෙස සෙවණ වැටීම සිදු වන්නේ නම්, මේ තාක්ෂණය භාවිතය වඩාත් සුදුසු වේ.
විවිධ දිශානතීන් කිහිපයකට පිහිටා ඇති පැනල සමූහයක් ශ්‍රේනිගතව එකිනෙකට සම්බන්ධ කිරීමට අවශ්‍ය විටදී කුඩා ඉඩකඩක් ඇති, පළ කිහිපයකට බෙදී ඇති වහලයක, සුළු ධාරිතාවකින් යුතු බලශක්ති පද්ධතියක් සවි කිරීමේදී එම පැනල සියල්ල එකිනෙක ශ්‍රේනිගතව සම්බන්ධ කිරීමට සිදුවේ. දවසේ විවිධ වේලාවලදී සූර්යයාගේ පිහිටීම අනුව මේ පැනල වලට ලැබෙන ආලෝක තීව‍්‍රතාව එකිනෙකට වෙනස් වීම, සමස්ථ පද්ධතියේ බලශක්ති නිෂ්පාදනය අඩු කිරීමට හේතු වේ.මෙවැනි අවස්ථාවක (optimizer) තාක්ෂණය භාවිතය තුළින්,

එක් පැනලයක අඩු ක‍්‍රියාකාරීත්වය අනෙකුත් පැනල මත ඇතිකරන බලපෑම අවම කරන ආකාරයේ හැසිරීමක් ලබාගත හැක. ඔබේ පියැස්ස, විවිධ හැඩතල රාශියකින් යුතුව බෙදී ගිය තත්ත්වයක් සහිත, පැනල දිශානතීන් තුන ඉක්මවා සවි කිරීමට සිදු වේ නම්, මෙම තාක්ෂණය ඔබට වඩාත් ගැලපේ.
එකිනෙකට වෙනස් ධාරිතා වලින් යුතු පැනල සමූහයක් ශ්‍රේනිගතව එකිනෙකට සම්බන්ධ කිරීමේ හැකියාව. පැනල මට්ටමින් බලශක්තිය සමාන්තරගත වීම සිදු වන නිසා, මෙම හැකියාව ලැබේ. ඔබ සතුව ඇත්තේ විවිධ වර්ග වල, විවිධ ධාරිතාවකින් යුතු වූ පැනල සමූහයක් නම්, මේ පැනල යොදාගෙන පද්ධතියක් නිර්මාණය කිරීමට සුදුසුම තාක්ෂණ වන්නේ මෙයයි.
Optimizer තාක්ෂණය නොගැලපෙන අවස්ථා.
සූර්ය බලශක්ති නිෂ්පාදනයට අවශ්‍ය ප‍්‍රශස්ත තත්ත්වයන් ඇති අවස්ථා වලදී. ඔබේ පියැස්ස දවස පුරා හොඳින් හිරු එළිය ලැබෙන ලෙස ඉදි කළ, උපරිම පල දෙකක් හෝ තුනක් සහිත සරල වහලයක් නම් ඔබ තෝරා ගත යුත්තේ (Optimizer) තාක්ෂණය නොව, (Direct Central Inverter) තාක්ෂණයයි. මෙමගින් පැනල පද්ධතිය මගින් නිෂ්පාදනය වන බලශක්තිය උපරිම කාර්යක්ෂමතාවක් සහිතව ප‍්‍රයෝජනයට ගැනීමට හැකියාව ඔබට ලැබේ.
පැනල විශේෂ ආධාරක සැකිල්ලක් මත ඉදිවන අවස්ථා. (උදාහරණ ථ පියැස්සක් නොමැතිව, බැල්කනියක් සහිත ගොඩනැගිලි සඳහා.)
මෙවැනි විටෙකදී අනිවාර්ය වශයෙන් පැනල රැුඳවීම සඳහා ආධාරක සැකිල්ලක් අවශ්‍ය වන අතර, එම සැකිල්ල අපගේ අවශ්‍යතාව පරිදි ප‍්‍රශස්ත ලෙස සකස් කර ගත හැකි වේ. මේ නිසා තවදුරටත් (Optimizer) ඒකක භාවිතය අවශ්‍ය නොවේ..
වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
www.gensopower.com
සූර්ය පැනල සවිකර ඇති ප‍්‍රදේශයට අසමකාර ලෙස සෙවනැළි පතිත වීම සහ විවිධ දිශානතීන් ඔස්සේ සුර්යාලෝකය එක්රැුස් කරගැනීමට සිදුවන අවස්ථා පහත රූප සටහනේ පෙන්වයි.

No comments:
Post a Comment