අපි සුළුවෙන් පටන් ගත් මේ කටයුත්ත අද පුළුල් ජාතික වැඩපිළිවෙළක් බවට පත් වෙලා..


වෙසක් පොහොය වෙනුවෙන් ඔබේ නමින් උතුම් පිංකමක්...

සූර්ය ශක්තිය කියන්නේ අපේ රටට අසීමිතව ලැබෙන වටිනා සම්පතක්. එය නිවැරැුදි යොදා ගත්තොත් බලශක්තිය වෙනුවෙන් අපි වැය කරන අති විශාල නස්කන්ධයක් රටක් විදියට ඉතිරි කරගන්න අපට පුළුවන්.


රාත‍්‍රි කාලයේදී එළිමහන් ආලෝකමත් කරන්න අපි විශාල විදුලි බලශක්ති ප‍්‍රමාණයක් වැය කරනවා. මෙය කුඩා නිවසේ පටන් මාර්ග, උද්‍යාන, කාර්යාල, කර්මාන්ත ශාලා දක්වා වෙන්න පුළුවන්.  ඒ වගේම විදුලි වියදම් අඩු කරන්න  ඕන නිසාම ආලෝකමත් වී තිබිය යුතු ස්ථාන වල  පහන් නිවාදමා අඳුරේ තබනවා. මේ කාරණා දෙකම ගැටලූවක්. 



සූර්ය ප‍්‍රදීප වැඩපිළිවෙළ ඉස්මතු වුණේ මේ ගැටලූ වලට කදිම විකල්ප විසඳුමක් විදියටයි. ආලෝකකරණයට සූර්ය බලශක්ති භාවිතය ඇත්තෙන්ම අලූත් දෙයක් නෙවෙයි. කාලයක් භාවිත වුණු, සාමාන්‍ය තාක්ෂණ දැනුමක් තියෙන කෙනෙකුට තමන්ටම උනත් නිර්මාණය කරගන්න පුළුවන් දෙයක්. ඒත් අපි මේ සරල
කටයුත්ත පුළුල් වැඩපිළිවෙළක් බවට පත් කළා.

මුලින්ම අප කළේ වසර කිහිපයක් තිස්සේ කරපු නිරීක්ෂණ අත්දැකීම් තුළින් වඩාත් කල්පවත්නා සහ ගුණාත්මක තාක්ෂණික උපාංග හඳුනා ගැනීමයි. මෑතක් වන තුරුම  සූර්ය පහන් (Solar Lights) ගැන තිබුණේ එතරම් හොඳ අත්දැකීම් නෙවෙයි. ඒ තාක්ෂණයේ අඩු ලූහුඩුතා නිසා. ඒත් නවීන උපක‍්‍රම භාවිතය නිසා මේ උපාංග ගැන ඉහළ විශ්වාසයක් ගොඩනගන්න අපට පුළුවන් වුණා. 

අද මේ උපාංග වලට වසර දහය දක්වා වගකීමක් ලබාදීමට අපට පුළුවන් වෙලා තිබෙන්නේ මේ නිසායි.  දෙවනුව අපි මේ සූර්ය ආලෝකකුළුණු සැලකිය යුතු ප‍්‍රමාණයක් ආදර්ශ ව්‍යාපෘති විදියට දිවයිනේ විවිධ ස්ථාන වල ස්ථාපනය කළා. ඒ පූජනීය ස්ථාන, කාර්යාල පරිශ‍්‍ර වගේ තැන්වල.

ඇත්තෙන්ම අපට ලැබුණු ප‍්‍රතිචාර බලාපොරොත්තු ඉක්මවා යන තරම්. පහුගිය වසරේ දී පමණක් විශාල ප‍්‍රමාණයේ ව්‍යාපෘති තිහක් පමණ සාර්ථකව නිමකරන්න අපට මේ ආකාරයට පුළුවන් වුණා. ශරීර සුවතා ව්‍යායාම මංතීරු, වෙරළ උද්‍යාන, කාර්යාල, රථ ගාල්, කර්මාන්ත, ආරක්ෂක කඳුවුරු සහ වගාබිම් මීට ඇතුළත්. 

රුවන්වැලි සෑය, රිදී විහාරය, බෙල්ලන්විල රජ මහා විහාරය, කතරගම දේවාලය, සම්බෝධි විහාරය වැනි පුජණිය ස්ථානත් පුත්තලම, හලාවත, අනුරාධපුර ව්‍යායාම මංතීරු  සහ යාපහුව, අරන්කැලේ ආදී පුරා විද්‍යා ස්ථානත් මේ යටතේ ආලෝකමත් වූනා,

මේ ව්‍යාපෘති අතරින් වැඩියෙන්ම ආකර්ෂණීය වුණේ ”සූර්ය ආලෝක පූජා” දායකත්ව වැඩසටහන. මේ යටතේ  ඕනෑම කෙනෙකුට තමන් කැමති පූජනීය ස්ථානයක් ආලෝකමත් කරන්න අවශ්‍ය සූර්ය ආලෝක කුළුණු පූජා කිරීමේ අවස්ථාව සලස්වා දී තිබෙනවා. මේ සඳහා විශාල දායකයින් පිරිසක් උනන්දුවෙන් අපිත් එක්ක  පෙළ ගැසී සිටිනවා. අදාළ පරිශ‍්‍රයේ අවශ්‍යතාව අනුව විහාරාධිකාරියේ අනුමැතිය ඇතිව මේ දේ කෙරෙන්නේ. 

රට හරිත බලශක්තියෙන් බලගන්වන සූර්යබල සංග‍්‍රාම වැඩපිළිවෙළෙහි පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන ජෙන්සෝ සෝලා බලශක්ති ආයතනයේ තවත් එවැනි ජාතික කර්තව්‍යයක් වන සූර්ය ප‍්‍රදීප සහ සූර්ය ආලෝක පූජා වැඩපිළිවෙළ පිළිබඳ එහි ප‍්‍රධාන විධායක වෛද්‍ය අවන්ත අතපත්තු මහතා අප සමඟ දැක්වූ අදහස්...

රට හරිත බලශක්තියෙන් බලගන්වන සූර්යබල සංග‍්‍රාම වැඩපිළිවෙළෙහි පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන ජෙන්සෝ සෝලා බලශක්ති ආයතනයේ තවත් එවැනි ජාතික කර්තව්‍යයක් වන සූර්ය ප‍්‍රදීප සහ සූර්ය ආලෝක පූජා වැඩපිළිවෙළ පිළිබඳ එහි ප‍්‍රධාන විධායක වෛද්‍ය  පොදුවේ හැමෝටම ප‍්‍රයෝජනවත්, කලක් පවතින යමක් තමන් කැමති පුදබිමකට පූජා කරන්න ලැබෙන මේ අවස්ථාව හුඟ දෙනෙක් සතුටින් බාර ගන්නවා. මේ විදියට දායකවෙන ආලෝක කුළුණු සෑම දහයකටම එකක් බැගින් දුරබැහැර අඩු පහසුකම් සහිත ආගමික ස්ථානයකට ලබාදීමට අපි කටයුතු කරනවා. ඒ සමාජ සත්කාරයක් විදියටයි. 

පසුගිය වර්ෂයේදී අපි නිවාස එළිමහන් සඳහා  වඩාත් ගැලපෙන අලංකාර ආලෝක පහනක් හඳුන්වා දුන්නා. මෙය බොහෝ දෙනෙක් හඳුනා ගන්නේ ඵදදබකසටයඑ යන නමින්. කුළුණකට පහන් එකක්, දෙකක් හෝ හතරක් වශයෙන් සවි වෙනවා. අවශ්‍ය නම් තාප්පයට හෝ ගේට්ටු කණුවට ඉතාම පහසුවෙන්, තමන්ටම සවිකරගන්න පුළුවන්. මෙය දැරිය හැකි මිලකට වගේම, ගෙවන මිලට

අවන්ත අතපත්තු මහතා අප සමඟ දැක්වූ අදහස්... 

පොදුවේ හැමෝටම ප‍්‍රයෝජනවත්, කලක් පවතින යමක් තමන් කැමති පුදබිමකට පූජා කරන්න ලැබෙන මේ අවස්ථාව හුඟ දෙනෙක් සතුටින් බාර ගන්නවා. මේ විදියට දායකවෙන ආලෝක කුළුණු සෑම දහයකටම එකක් බැගින් දුරබැහැර අඩු පහසුකම් සහිත ආගමික ස්ථානයකට ලබාදීමට අපි කටයුතු කරනවා. ඒ සමාජ සත්කාරයක් විදියටයි. 

පසුගිය වර්ෂයේදී අපි නිවාස එළිමහන් සඳහා  වඩාත් ගැලපෙන අලංකාර ාලෝක පහනක් හඳුන්වා දුන්නා. මෙය බොහෝ දෙනෙක් හඳුනා ගන්නේ ඵදදබකසටයඑ යන නමින්. කුළුණකට පහන් එකක්, දෙකක් හෝ හතරක් වශයෙන් සවි වෙනවා. අවශ්‍ය නම් තාප්පයට හෝ ගේට්ටු කණුවට ඉතාම පහසුවෙන්, තමන්ටම සවිකරගන්න පුළුවන්. මෙය දැරිය හැකි මිලකට වගේම, ගෙවන මිලට.

ප‍්‍රයෝජනවත් දෙයක්. නිවෙස් එළිමහන් රාත‍්‍රිය මුළුල්ලේ ආලෝකමත්ව පවත්වාගන්න හේතු වෙනවා. මෙය ආරක්ෂාව, අලංකාරයට වගේම නිවසේ සෞභාග්‍යටත් වැදගත්.

ව්‍යාපෘති විස්තර : 0711692124
ආලෝක පූජා    : 0702738795 :සුරංග
නිවාස සඳහා      : 0712846332  :චන්දිම


වර්ෂ 2018ක් වූ මාර්තු මස 25 වැනි ඉරුදින ලංකාදීප පුවත්පෙත් පළවන ලිපියක්.
(සාකච්ඡා කලේ: උවින්ද  හේෂාන්.) 


දීර්ඝ ලිපියක පළමු  කොටස  මෙලෙස පල කරන අතර  දෙවන ලිපියෙන් සූර්ය පහන් වල තාක්ෂණික පසුබිම ගැන පල කිරීමට බලාපොරොත්තු වන්නෙමු.


මෙම සද්කාර්‍යට ඔබටත් දායක වීමට වැඩිදුර  තොරතුරු සඳහා අපෙග්
www.gensopower.com  වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.


Genso Power Technologies

No comments:

Post a Comment

Instagram