අපි සුළුවෙන් පටන් ගත් මේ කටයුත්ත අද පුළුල් ජාතික වැඩපිළිවෙළක් බවට පත් වෙලා..

මෙහි පළමු ලිපියට මෙතැනින් යන්න.



සූර්ය පහන් වල තාක්ෂණික පසුබිම.  මේ උපාංග වල භාවිත වන තාක්ෂණය ඉතාම ඉහළයි. අපේ රටේ පවතින  ඕනෑම දුෂ්කර දේශගුණික තත්ත්වයකට ඔරොත්තු දෙනවා. මින් වඩාත්ම වැදගත් වෙන්නේ මෙහි අන්තර්ගත බැටරියයි. සාම්ප‍්‍රදායික ඊයම් අම්ල (Lead Acid) බැටරි වෙනුවට වසර අටක් විතර කිසිදු නඩත්තුවක් නැතිව භාවිත කළ හැකි ලිතියම්-අයන් (LiFePo4) බැටරි මෙහිදී ඇතුළත්. චලන සංවේදීතාව (Motion Sensor) සහ දුරස්ථ පාලක (Remote Control) හැකියාව විශේෂයි.



අනික මේ උපාංග ස්ථාපනය හරිම පහසුයි. භූගත වයර්, ස්විච යෙදීම හෝ නිවසේ විදුලි පරිපථයට සම්බන්ධ කිරීම අවශ්‍ය නැති නිසා වියදම්, ශ‍්‍රමය වගේම කාලය ඉතිරි වෙනවා.

ඇත්තෙන්ම සාමාන්‍ය එළිමහන් ආලෝක කුළුණක් ඉදිකරන වියදමටම මේ ස්වයංක‍්‍රීය සූර්ය ආලෝක කුළුණක් සවි කරන්න දැන් පුළුවන්. විදුලි බිල ඉතිරිය ඇත්තෙන්ම මෙහි දිගුකාලීනව ලැබෙන ප‍්‍රතිලාභයයි.

ජෙන්සෝ සෝලා ආයතනය පසුගිය වසර පහක ක‍්‍රියාත්මක කාලය තුළ සූර්ය බලශක්ති ක්ෂේත‍්‍රයේ සුවිශේෂී වෙනස්කම් කීපයකට දායක වුණා.

අහස උසට තිබුණු සූර්ය පැනල උපාංග මිල පොදු පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට ගෙන ඒම මින් ප‍්‍රධානයි.

ලංකාවේ එතෙක් මෙතෙක් ඉදිවුණු විශාලතම පියසි සූර්ය පැනල පද්ධති (Rooftop Solar) ස්ථාපිත කිරීමේ ඉංජිනේරු කටයුතු වල දැනටත්  අපගේ තාක්ෂණ කණ්ඩායම් ක‍්‍රියාත්මක වෙනවා. එතැනින් නොනැවතී අපි නවෝත්පාදන කටයුතු (Research & Development) සඳහා විශාල කාර්යභාරයක් සිදු කරනවා. හුදු ව්‍යාපාරික අරමුණු ඉක්මවා යන මෙවැනි වැඩපිළිවෙළ වලදී දෑ හිතකාමී බොහෝ දෙනෙකුගේ  දායකත්වය, අපට ලැබෙනවා. අපි මේ යන ගමන නිසා අපේ පරිසරයට, රටේ ආර්ථිකයට සිදු වන්නේ සැලකිය යුතු යහපතක්.

මෙම වැඩපිළිවෙලින්් නව පරපුරට හරිත බලශක්ති භාවිතයේ  වැදගත්කම ගැන වැදගත් පණිවිඩයක් දෙන්න පුළුවන්.


මේ සූර්යබල ආලෝක කුළුණක් දකින කෙනෙකුගේ පවා මනසේ මතුවන්නේ පරිසර හිතකාමී නවමු අදහස්. රටේ දියුණුව කැමති බොහෝ දෙනා මේ වැඩපිළිවෙළෙහි කොටස් කරුවන් වීම තුළ නුදුරු අනාගතයේදී හරිත බලශක්තියෙන් මුළු රටම ඒකාලෝක කරන්න අපට හැකියාව ලැබෙන බව අපේ විශ්වාසයි.



ව්‍යාපෘති විස්තර : 0711692124
ආලෝක පූජා    : 0702738795 :සුරංග
නිවාස සඳහා      : 0712846332  :චන්දිම


වර්ෂ 2018ක් වූ මාර්තු මස 25 වැනි ඉරුදින ලංකාදීප පුවත්පෙත් පළවන ලිපියක්.
(සාකච්ඡා කලේ: උවින්ද  හේෂාන්.) 



මෙම සද්කාර්‍යට ඔබටත් දායක වීමට වැඩිදුර  තොරතුරු සඳහා අපෙග්


www.gensopower.com  වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Genso Power Technologies

No comments:

Post a Comment

Instagram