මේ වැඩපිළිවෙළ සමඟ සම්බන්ධ වෙන්න මුළු රටේම විශාල උනන්දුවක් ඇතිවෙලා....

අපි අද ජීවිත් වෙන්නේ පාරිභෝගික සමාජයක. කෙනෙක් හෝ ආයතනයක් රුපියලක් හරි වියදම් කරන්නේ එයින් නැවත තමන්ට ලැබෙන ප‍්‍රතිලාභය ගැන සෑහීමකට පත්වෙනවානම් විතරයි. පරිසරය, රට, අනාගත පරපුර වැනි වටිනාකම් එන්නේ දෙවැනි කොට. මේක තමයි අද සමාජ යථාර්ථය. වසර පහක් තිස්සේ මම මේ ක්ෂේත‍්‍රයේ රැුඳීම තුළ ලැබූ අත්දැකීම් අනුව අවබෝධ කරගත් කරුණ.


සූර්ය බලශක්ති භාවිතය නිසා අපේ ස්වභාවික පරිසරයට ලැබෙන දායකත්වය අතිමහත්. ඉන්ධන ආනයනයට වැය වන  විදේශ විනිමය ඉතිරිය අපේ රටේ ආර්ථිකය වර්ධනයට පිටිවහලක්. අපේ දරුවන්ගේ අනාගත සුරක්ෂිතතාවටය මේ කාරණා සෘජුවම බලපානවා..

නමුත් සූර්ය බලශක්ති උත්පාදන ක්ෂේත‍්‍රයේ ඇති වී තිබෙන සුවිශේෂී සංවර්ධනයට ප‍්‍රධාන හේතුව ඉහත කිසිදු  කාරණයක් නෙවෙයි. තමන් යොදවන මුදලට ඒ වගේ කිහිප ගුණයක ස්ථාවර  ආර්ථික ප‍්‍රතිලාභයක්, දිගුකාලීනව ලැබීම තමයි මූලිකම කාරණය. ලොකු කුඩා සියලූ විදුලි පාරිභෝගිකයන්ට මේ වාසිය ලැබෙන පසුබිමක් නිර්මාණය වීම තමයි මේකට හේතුව.

පුද්ගලිකව සූර්ය බලශක්තිය නිපදවා ජාතික විදුලිබල ජාලයට එකතු කිරීමේ පහසුකම හඳුන්වා දීලා දැනට අවුරුදු හයක් පමණ වෙනවා. අපගේ ආයතනය මෙම වැඩපිළිවෙළෙහි පුරෝගාමී ආයතනයක්.

අපගේ ඉංජිනේරු කණ්ඩායම මෙහි ආරම්භයේ සිටම ක්ෂේත‍්‍රයේ රැුඳී සිටියත් මුල් වසර කිහිපය ඇත්තෙන්ම ගෙවුනේ ඉතා මන්දගාමී ස්වරූපයකින්.

නමුත් අදවන විට තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. ගෘහස්ථ, පුද්ගලික සහ රාජ්‍ය ඇතුළු සෑම ක්ෂේත‍්‍රයකින්ම මේ වැඩපිළිවෙළට සම්බන්ධ වෙන්න දක්වන උනන්දුව පැහැදිලිවම වැඩි වුණා. මේ අවශ්‍යතා සපුරන්න පහුගිය අවුරුද තුළදී පමණක් අපේ ආයතනයේ තාක්ෂණ හැකියාව හරියටම සිවු ගුණයකින් වැඩි කරන්න අපට සිදු වුණා.

හුදෙක් සේවක සංඛ්‍යාව වැඩි කිරීමෙන් විතරක් මේ කටයුත්ත අපට කරන්න බෑ. අවශ්‍ය පුහුණුව, නවීන තාක්ෂණය, උපාංග ඇතුළු හැමදේම නියමාකාරයෙන් දියුණු වීම මෙතැනදී වැදගත්. වඩාත්ම වැදගත් වෙන්නේ අපි ලබා දෙන දිගුකාලීන පසු සේවාවයි. මේ කටයුත්ත මඟ හරින කිසිදු ආයතනයකට ක්ෂේත‍්‍රයේ පැවැත්මක් නෑ. ක්ෂේත‍්‍රයේ වෘත්තීයමය පසුබිමක් නොමැතිව අලූතින් බිහිවෙමින් පවතින ආයතන තුළ තිබෙන මූලික ගැටලූව මෙයයි.

සූර්ය බලශක්ති උත්පාදන ව්‍යාපෘතියක් සාර්ථකව ක‍්‍රියාත්මක කිරීම සරල දෙයක් නොවෙයි. සැලසුම්කරණයේදී  පරිශ‍්‍රයේ භෞතික හා පාරිසරික සාධක, පාරිභෝගිකයාගේ ආයෝජන හැකියාව, විදුලි සැපයුම්කරු හා එහි ස්වභාවය කියන හැමදේම මෙහිදී අපගේ ඉංජිනේරුවන්  සලකා බලනවා.
’’සූර්ය බලශක්ති ක්ෂේත‍්‍රයේ දියුණුව වෙනුවෙන් සුනීත්‍ය බලශක්ති අධිකාරිය සුවිශේෂී මෙහෙවරක් ඉටු කරනවා.”
මේ කුරුණු ගැන හරියාකාර අවබෝධයකින් තොරව සිදුකරන ව්‍යාපෘති අතරමග නවතින අවස්ථා බහුලයි. විදුලිබල මණ්ඩලය සමඟ හොඳ අවබෝධයකින් යුතුව කටයුතු කිරීම අදාළ අනුමැතිය කඩිනමින් ලබාගැනීමට ඉතා වැදගත්.

අද ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ විශාල සූර්යපැනල  ව්‍යාපෘති සඳහා ආයෝජනය තරඟකාරී ස්වරූපයක් ගෙන තිබෙනවා. එකම ප‍්‍රදේශයේ විශාල ධාරිතාවකින් යුතු සූර්ය පැනල කිහිපයක් ජාලයට එකතු කිරීමේදී යම් යම් සීමාවන් පැනවීමට සිදුවීම මෙයට හේතුවයි.  මේ නිසා මෙවැනි ව්‍යාපෘති සඳහා විදුලි සැපයුම්කරු ගෙන්  පූර්ව අනුමැතියක්  ලබා ගැනීම අනිවාර්ය කොට තිබෙනවා.

ව්‍යාපාර ආයතන සඳහා සුවිශේෂී පොලී අනුපාත යටතේ ණය පහසුකම් ලබාදීම, නිපදවන විදුලිය සෘජුවම ජාලයට අලෙවි කිරීමේ පහසුකම් යන කරුණු නිසා කඩිනමින් මෙම ව්‍යාපෘති සඳහා යොමුවීමට විශාල පියසි සහිත ගොඩනැගිලි හිමිකරුවන් වැඩි වැඩියෙන් යොමු වෙනවා.

එමෙන්ම අද රාජ්‍ය ආයතන වෙත වාර්ෂිකව තිරසාර සංවර්ධන ව්‍යාපෘති සඳහා යොමුවීම අනිවාර්ය කර තිබෙනවා. මෙහිදී බොහොමයක් ආයතන සූර්යබල ව්‍යාපෘති සඳහා යොමුවීමට කැමැත්තක් දක්වනවා. අපි හඳුනාගත් ප‍්‍රධාන අඩුපාඩුව තමයි මේ ආයතන වල මෙවැනි ව්‍යාපෘතියක් සැලසුම් කිරීම පිළිබඳව තිබෙන තාක්ෂණ දැනුවත් බවේ අඩුපාඩුව. මෙහිදී පළපුරුදු ආයතනයක් විදියට ඒ කටයුතු වලට අපගේ ඉංජිනේරු සහාය ලබාදීමට සූදානම්.

මෙලෙස අපේ ආයතනය රාජ්‍ය ආයතන රාශියකට අපේ තාක්ෂණ දායකත්වය සාර්ථකව ලබාදීමට කටයුතු කර තිබෙනවා. එහි ඉහළතම අවස්ථාවක්

තමයි කැලණිතිස්ස විදුලි බලාගාර ව්‍යාපෘතිය. එමෙන්ම ලංකාවේ රාජ්‍ය ආයතන පරිශ‍්‍රයක සඳහා ඉදිවුණු විශාලතම සූර්ය පැනල පද්ධතිය වන කිලෝ වොට් දෙසීය පනහක (250kW) ධාරිතාවකින් යුතු බත්තරමුල්ල විභාග දෙපාර්තමේන්තු ව්‍යාපෘතිය සඳහා තාක්ෂණ දායකත්වය ලබා දුන්නේ අපගේ ආයතනයි.

ලංකාදීප පුවත්පෙත් පළවූ ලිපියකි.

ඔබටත්  මෙවන් සූර්යබල පද්ධතියක් ඔබේ නිවසටත් ලබා ගැනීමට වැඩිදුර  තොරතුරු සඳහා අපගේ  වෙබ් අඩවියට පිවිසෙන්න.

Genso Power Technologies

www.gensopower.com

වැඩි විස්තර සඳහා:
0777 811 611

Genso Power Technologies

No comments:

Post a Comment

Instagram