රාජකීය හරිත විදු පියස.

බලශක්ති සුරක්ෂිතතාව අතින් අප රට සිටින්නේ ඉතා අවදානම් මට්ටමක. විදුලි පරිභෝජනය ඉහළ යාමට සාපේක්ෂව නිෂ්පාදන ධාරිතාව කාලීනව ඉහළ නොයෑම මෙයට හේතුවයි. පවතින තත්ත්වයන් මෙලෙසම පැවතියහොත් වසර 2018 වන විට විදුලි සැපයුම කප්පාදු කිරීම් නොවැළැක්විය හැකි බව සහ විදුලිය සඳහා අයකිරීම් සියයට පනහකින් ඉහළ යාම අනිවාර්ය පියවරයන් වනු ඇති බව ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන්ගේ අදහසයි. ස්වභාවික සම්පත් පුනර්ජනයේ වැදගත්කම අන් කවරදාකටත් වඩා තදින් අපට දැනෙ
න මේ පසුබිම තුළ, ඒ පිළිබඳව පුළුල් කතිකාවක් අද ඇති වෙමින් පවතී. සාකච්ඡුාවක් සහ සැලසුම්කරණ සීමා වලින් ඔබ්බට යමින්, එහි ප‍්‍රායෝගික  භාවිතය තුළින් රටටම ආදර්ශයක් වූ මෑත කාලීන යථාර්ථයක් අප ඔබ හමුවේ තබන්නමූ.



අප ඉදිරියේ ඇති ජාතික අර්බූද සඳහා විසඳුම් සෙවිය යුත්තේ රාජ්‍ය තන්ත‍්‍රය තුළයි. නමුත් ඒ පිළිබඳ සමාජය දැනුවත් කිරීමට ඇති සුදුසුම ස්ථානය පාසල් පද්ධතියයි.

මේ ඔබ අප සියලූදෙනා දන්නා කොළඹ රාජකීය විදුහලයි. මූලික අධ්‍යාපනයේ මුදුන් මල්කඩ වීම තුළින් දැනුමෙන් සපිරි පරපුරක් රටට බිහි කිරීම මෙන්ම, පවතින සමාජ සහ පාරිසරික අභියෝග හඳුනාගත් සහ ඒවා ප‍්‍රායෝගික  විසඳු
ම් සෙවීම අරමුණු කොට ගත් සිසු කැලක් රටට දායාද කිරීම යන කටයුත්ත ඉතා ඉහළින්ම ඉටු කරන තැනක් ලෙස කොළඹ රාජකීය විදුහල, ඔබ අප පොදුවේ හඳුනා ගන්නේ.

හරිත කව සංකල්ප ක‍්‍රියාවට නැංවීම තුළින් ස්වභාවිකත්වයට වඩාත් ඇලූම් කරන සිසු පිරිසක් සිටින, බලශක්ති කව හරහා බලශක්ති සුරක්ෂිතතාව සඳහා කැප වූ සහ ක‍්‍රියාත්මක වන පාසල් අතර ප‍්‍රමුකත්වය, අද රාජකීයන් හට හිමිව ඇත.

රාජකීය විදුහලේ ස්ථාපිත කිලෝ වොට් තිස්පහක (35kW) ධාරිතාවක් සහිත සූර්ය විදුලි ජනකය, දැනට රාජ්‍ය පාසලක් සතු විශාලතම හරිත විදුලි පද්ධතියයි. වසරකට විදුලි ඒකක පනස්දහසක් (50 000 kWhr) පමණ වූ විදුලිය ප‍්‍රමාණයක්  ජාතික බලශක්ති ජාලයට 


නිකුත් කරමින් මෙය අද අති සාර්ථකව ක‍්‍රියාත්මක වෙමින් පවතී. රුපියල් මිලියනයකට වඩා ඉහළ වාර්ෂික මූල්‍ය ඉතිරියක් මෙමගින් පාසල් පරිපාලනයට හිමි වෙමින් පවතින අතර, සිදුවන පරිසර ආරක්ෂණයද සුළුපටු නොවේ. මෙමගින් වැළැක්වෙන හරිතාගාරවායු විමෝචනය වාර්ෂිකව metric ton 25 කට අධික බව සැලකේ. පුළුල්ව ගත්කල මෙම කටයුත්ත මූල්‍යමය අරමුණු වලින් එහා ගිය යුගයේ අවශ්‍යතාවන් සැපිරීමක් ලෙස පැහැදිලිව හඳුනා ගත හැක.

,රාජ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන සීමිත තත්ත්වයන් තුළ, ඉහළ යන පාසල් නඩත්තු වියදම් සපුරා ගැනීම අසීරු
කටයුත්තක්. එය පොදුවේ පාසල් ¥දරුවන්ගෙන් අයකිරීම වෙනුවට මෙවැනි ස්ථිරසාර වැඩසටහන් සහ ව්‍යාපෘති සඳහා යොමුවීම අද සිදු විය යුත්තක්. පාසල් පරිපාලනය, සංවර්ධන කමිටුව ඇතුළු අනුබද්ධ සංගම් පැහැදිලි දර්ශනයකින් යුතුව, සංවිධානය වීම පමණයි මෙහිදී අවශ්‍ය.

සැලසුම් සහගතව සහ විශ්වාසදායක ලෙස ක‍්‍රියාත්මක වීම තුළින් මෙවැනි කටයුතු සඳහා රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන  අනුග‍්‍රහය ලබා ගැනීම එතරම් අසීරු දෙයක් නොවෙයි., පාසල් සංවර්ධන කටයුතු වලදී ක‍්‍රියාකාරී ලෙස කටයුතු කරන ගුරුවරයකු ගේ  අදහසයි ඒ.

මෙම වැඩපිළිවෙළ මුලූ පාසලම ආවරණය වන පරිදි පුළුල් කිරීම අපේ අරමුණයි

හෙතෙම තවදුරටත් අදහස් දක්වමින්,

Genso Power  ආයතනය මේ කටයුත්තේ දී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ බවයි අපේ හැගීම. ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණතම  ආයතනයක් ලෙස හඳුනාගත් නිසයි අප ඔවුන්ට මේ සඳහා ආරාධනා කළේ. අදාළ ඉංජිනේරු කටයුතු ඉතාම ඉහළ ප‍්‍රමිතියෙන් සහ වෘත්තීයමය භාවයෙන්  යුතුව සිදුවීම අගය කළයුතු දෙයක්. එමෙන්ම මෙම ව්‍යාපෘතිය සියයට සියයක්ම ආධාර පදනම මත ඉටු කිරීම, එම ආයතනයේ සමාජ වගකීම්
සහගත ස්වභාවය පිළිබිඹු කරන්නක්.,

ගරු අග‍්‍රාමාත්‍ය  රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා අතින් විවෘත වී අද වන විට වසරක් සපුරන මෙම ඉදිකිරීමේ ප‍්‍රතිලාභ, අද අප පමණක් නොව අනාගත පරපුර පවා ලබන බව අපේ විශ්වාසයයි. මෙම වැඩසටහන තවදුරටත් ඉදිරියට ගෙනගොස් රාජකීය විදු පියස මුළුමනින්ම හරිත විදුලියෙන් බලගැන්වෙනු දැකීම අපේ අපේක්ෂාවයි. මෙම  උත්සාහය මුළු පාසල් පද්ධතියටම ආදර්ශයක් වීම රටේ අපේක්ෂාව බව ස්ථිරවම කිව හැකියි.,


තවත් ව්‍යාපෘති විස්තර සහ ඔබටත් ඔබේ ව්‍යාපාරයටත් මෙවැනි සූර්‍යබල පද්ධතියක් සවි කර ගැනීම සඳහා අප අමතන්න. නැතහොත් වැඩි විස්තර සඳහා පහත වෙබ් අඩවියට පිවිසෙන්න.

වෙබ් අඩවිය: http://www.gensopower.com
දුරකතන අංකය: 0777 811611





Genso Power Technologies

No comments:

Post a Comment

Instagram